අඩු මුදලකින් ගිහින් එන්න ළඟම රටක්

  • Home
  • /
  • Blog
  • /
  • අඩු මුදලකින් ගිහින් එන්න ළඟම රටක්

අඩු මුදලකින් සංචාරය කරන්න පුළුවන් ඉතා සුන්දර රටක් ගැන තමයි අද කියන්නේ. මේ තමයි කවුරුත් දන්නා ඉන්දුනීසියාව.

ඉන්දුනීසියාව කිව්වම Bali දූපත තමයි බොහෝ දෙනා අතර ජනප්‍රිය වගේම බොහෝ දෙනාගේ ප්‍රියතම දූපත වෙන්නේ. ඒ නිසාම බාලි දූපත වැඩි වැඩියෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නවා. නමුත් බාලි කියන්නේ ඉන්දුනීසියාවේ එක කුඩා දූපතක් පමණයි. ඒ නිසා මේ රටේ සංචාරය කරන්න පුළුවන් තවත් ලස්සන තැන් ගොඩක් තිබෙනවා. ඒ වගේම මේ සෑම තැනකම  අඩු මුදලකින් සංචාරය කරන්න පුළුවන්.

බාලි හි අසල්වැසි දූපත් වන Lombok සහ Java, දර්ශනීය Komodo දූපත් සහ ග්‍රාමීය Flores වගේම සුමාත්‍රා, බටහිර Nusa Tenggara, හෝ Sulawesi වෙතිනුත් ඔයාට සම්පූර්ණ සංචාරක අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.

12 USD වගේ මුදලකට නවාතැනක් හොයාගන්න පුළුවන්. USD 2-3 වගේ මුදලකට සාමාන්‍ය ආහාර වේලක් ලබාගන්නත් පුළුවන්. සුදු වැලි සහිත වෙරළ තීරයන්ගේ සිට වනාන්තර සහ සැවානා දක්වාත් ගිනි කඳු වල සිට දුරස්ථ වැසි වනාන්තර දක්වාත් එකිනෙකට වෙනස් අත්දැකීම් රැසක් ඔබට සමීප කරන රටක් ලෙස ඉන්දුනීසියාව හඳුන්වන්න පුළුවන්.

Backpacker කෙනෙක්ටනම් දවසකට USD 30 ක් වගේ මුදලකට සහ Mid-range Budget එක විදිහට USD 50කට වගේ ඔයාට ඉන්දුනීසියාවේ travel කරන්න පුළුවන්.

ඉතින් ඔයා ඉන්දුනීසියාවට යනවනම් Bromo ගිනි කන්ද, Borobodur පන්සල්, Bali, සහ වෙනත් දූපත් දැකබලා ගන්නත් අමතක කරන්න එපා.

ඉන්දුනීසියාවේ peak season එක වෙන්නේ ජුනි-සැප්තැම්බර් කාලය. shoulder season එක විදිහට මාර්තු-මැයි සහ ඔක්තෝබර්-නොවැම්බර් අතර කාලය හඳුන්වන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025