ඕස්ට්‍රේලියානු අහස පුරා උල්කාපාත වර්ෂාවක්

  • Home
  • /
  • Entertainment
  • /
  • ඕස්ට්‍රේලියානු අහස පුරා උල්කාපාත වර්ෂාවක්

ඔයා ග්‍රහලෝකයේ කොතැනක සිටියත් දැකගන්න පුළුවන් Geminid කියන්නේ වාර්ෂිකව දැකගන්න ලැබෙන උල්කාපාත වර්ෂාවක්. 

3200 Phaethon නම් ග්‍රහකයක් විසින් ඉතිරි කර තිබෙන සුන්බුන් ප්‍රවාහයක් හරහා පෘථිවිය ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම උල්කාපාත වර්ෂාව ඇති වෙනවා.

Geminid උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 4 වන දින ආරම්භ වූ අතර එය 2025 දෙසැම්බර් 20 දක්වා පවතිනවා.

Geminid උල්කාපාත වර්ෂාව දැකගන්නේ කොහොමද?

University of Southern Queensland හි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Jonti Horner පවසන්නේ උතුර, ඊසානදිග සහ වයඹ දෙසින් ඕස්ට්‍රේලියාවේ සිට මේ උල්කාපාත වර්ෂාව දැකගත හැකි බවයි. තරමක් කාලය අරගෙන ඇස් අන්ධකාරයට හුරු වෙන්න ඉඩ දෙන ලෙසත් ඔහු උපදෙස් දුන්නා.

Geminid meteor shower එක බලන්න එක් එක් ප්‍රදේශයට වඩාත් සුදුසු වෙලාවල් මේ විදිහට දක්වලා තිබෙනවා.

Brisbane: 9pm Sunday, December 14 – 5am Monday, December 15

Darwin: 9.30pm Sunday, December 14 – 6.30am Monday, December 15

Perth: 10pm Sunday, December 14 – 5am Monday, December 15

Sydney: 11pm Sunday, December 14 – 6am Monday, December 15

Canberra: 11pm Sunday, December 14 – 6am Monday, December 15

Adelaide: 11.30pm Sunday, December 14 – 5.30am Monday, December 15

Melbourne: 12am – 6am Monday, December 15

Hobart: 12am – 5am Monday, December 15

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025