“දෙවියන් වහන්සේ මැවුම්කරු” යන ඔහුගේ විශ්වාසය පිළිබඳව එලොන් මස්ක් නව සම්මුඛ සාකච්ඡාවකදී අනපේක්ෂිත පිළිගැනීමක් කර තිබෙනවා.
Katie Miller විසින් මෙම සතියේ podcast එකකින් ලොව ධනවත්ම මිනිසා වන Musk සම්මුඛ සාකච්ඡාවට ලක් කර තිබෙනවා. ධවල මන්දිර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී Stephen Miller සමඟ විවාහ වී සිටින Katie Miller, මැයි මාසයේදී ට්‍රම්ප් පරිපාලන තනතුරෙන් ඉවත් වී පෞද්ගලික අංශයේ Musk සමඟ එකතු වුණා.
පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම, අඟහරු ග්‍රහයා යටත් විජිතකරණය කිරීම පිළිබඳව පුළුල් සාකච්ඡාවක් අතරතුර ඔහුගේ අධ්‍යාත්මික විශ්වාසයන් පිළිබඳත් මෙහිදී ප්‍රශ්න කෙරුණා.
අපගේ සෑම චලනයක්ම නිරීක්ෂණය කරන සහ යම් නිර්ණායකයන්ට එරෙහිව එය තක්සේරු කරන සහ අපි මිය යන විට අපි එක් ස්ථානයකට හෝ වෙනත් ස්ථානයකට යනවාද යන්න තීරණය කරන යම් අධි විඥානයක් තිබීම පිළිබඳව ඔහුගේ මතය ගැන Musk මීට පෙර කතා කර තිබෙනවා.
මිලර් විසින් “ඔබ වඩාත්ම ගරු කරන්නේ කාටද?” යනුවෙන් විමසූ විට, Musk පිළිතුරු දුන්නේ, “නිර්මාතෘ” ලෙසයි.
“දෙවියන් වහන්සේ පිළිබඳ ඔබේ ස්ථාවරය කුමක්ද?” යනුවෙන් ඇය පසුව ඇසුවා.
මස්ක් මහතා පිළිතුරු දුන්නේ, “දෙවියන් වහන්සේ මැවුම්කරු” (“God is the creator”) යනුවෙන්.
“කෙසේ වෙතත්, ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ, නේද?” යැයි ඇසූ විට Musk පැවසුවේ, “හොඳයි, මේ විශ්වය යම් දෙයකින් පැමිණි බව මම විශ්වාස කරනවා. මිනිසුන්ට විවිධ labels තිබෙනවා (දෙවියන් වහන්සේ සඳහා)” යනුවෙන්.
පසුගිය වසරේ ජනාධිපතිවරණයට පෙරාතුව, Musk පැවසුවේ, “‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ සහ ‘අනෙක් කම්මුල හරවන්න’ ඇතුළු “ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම්” තමා විශ්වාස කරන බවයි. “එය සමාව දීම සඳහා ඉතා වැදගත් වෙනවා”.
2022 දී X හි සටහනක ඔහු දැක්වුවේ “යේසුස් වහන්සේ ආදරය, කරුණාව සහ සමාව දීම ඉගැන්වූහ. අනෙක් කම්මුල හරවා ගැනීම දුර්වල හා මෝඩකමක් යැයි මම සිතුවෙමි, නමුත් එහි ගැඹුරු ප්‍රඥාව අගය නොකළ නිසා මම මෝඩයෙක් වීමි.”
Image credit: www.scientificamerican.com