Emirates ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන් බදවා ගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙයි.

  • Home
  • /
  • News
  • /
  • Emirates ගුවන් සේවයට ශ්‍රී ලාංකිකයන් බදවා ගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙයි.

ලොව ඉහළ ජනාදරයට පාත්‍ර ජාත්‍යන්තර ගුවන් සේවයක් වන එමිරේට්ස්, සිය කාර්ය මණ්ඩලය සඳහා නව බඳවා ගැනීම් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව ශ්‍රී ලංකාවේ සම්මුඛ පරීක්ෂණ 2025 ජනවාරි 07 දින පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව මේ වන විට විවෘත කර ඇත.අවම වශයෙන් වයස අවුරුදු 21 සම්පූර්ණ කර ඇති, සෙ.මී. 160ක උසකින් යුතු මනා පෞරුෂයකින් හෙබි අයගෙන් මේ සඳහා අයදුම්පත් කැඳවා තිබෙන අතර ඉංග්‍රීසි ලිවීමේ හා කියවීමේ ප්‍රවීණත්වය තිබීම අනිවාර්යය වේ.එමිරේට්ස් සමාගම 1986 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත.එමිරේට්ස් ගුවන් සේවය ගෝලීය ගමනාන්ත 130කට අධික සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව සම්බන්ධ කරයි.මගීන්ට උසස් මට්ටමේ සුවපහසුවක් ලබා දෙන එමිරේට්ස් ගුවන් සේවය යනු ශ්‍රී ලංකාවට පළමු පන්තියේ ගුවන් සේවා සම්පාදනය කරන එක ම ජාත්‍යන්තර ගුවන් සමාගමයි.මේ සඳහා අයදුම් කිරීමට අදාළ මූලික සුදුසුකම් පහත පරිදි වන අතර පහළින් දක්වා ඇති සබැඳිය ඔස්සේ ඔන්ලයින් මාර්ගයෙන් අයැදුම් කළ හැකිවේ.

Don't forget to share this post!

Recent Posts

19604cc9-758e-4286-9071-7fde3a14fecf
December 20, 2024