2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය නොවන ක්‍රීඩකයන් 409 දෙනෙක් සිටින අතර, ඒ අතර ඉතාලිය නියෝජනය කරන ක්‍රීඩකයෙකුටද අවස්ථාව හිමිව ඇත.ඔහු නමින් තෝමස් ඩ්රාකාය.24 හැවිරිදි වියේ පසුවන ඩ්රාකා දකුණත් වේගපන්දු යවන්නෙකු වන අතර, මේ දක්වා ඔහු ඉතාලිය නියෝජනය කරමින් ක්‍රීඩාකර ඇත්තේ විස්සයි20 තරග 4ක් පමණක් වීම ද විශේෂත්වයකි.ජාත්‍යන්තර කඩුලු 8ක් බිඳහෙලා ඇති ඩ්රාකාගේ හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 9කට කඩුලු 3ක් දවාගැනීමයි.එමෙන්ම කැනඩාවේ දී පැවැත්වුණු ‘2024 Global T20’ තරගාවලියේදී ඩ්රාකා කැපීපෙනෙන පන්දු යැවීමක නිතර වූ අතර එහිදී ඔහු කඩුලු 11ක් දවාගැනීමට ඔහු සමත් විය. එම තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය ද හිමිවන්නේ ඩ්රාකාටය.මෙවර I.P.L ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය නොවන වැඩිම ක්‍රීඩකයන් සහභාගිවන්නේ දකුණු අප්‍රිකාවෙන් වන අතර, එම ගණන 91කි.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ක්‍රීඩකයන් 29 දෙනෙකු වෙන්දේසියට ඉතිරිපත්වීමට සුදුසුකම් ලබා සිටියි.