වික්ටෝරියානු ජාතිකයෙකු වන Stephen Bond මදුරු දෂ්ටනය හේතුවෙන් වැළදෙන මාරාන්තික Japanese Encephalitis වෛරසය වැළඳී රෝහල්ගතව ජීවිතය වෙනුවෙන් සටන් කරමින් සිටී. දෙසැම්බර් මස මුලදී හිසරදය සහ උණ රෝග ලක්ෂණ මුලින් පෙන්නුම් කළ අතර ඉන්පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් රෝහල් ගත කිරීමට සිදු විය.
මෙල්බර්න් හි ශාන්ත වින්සන්ට් රෝහල වෙත ගුවනින් රැගෙන යාමට පෙර ඔහු මුලින්ම Shepparton රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.Japanese Encephalitis virus සාමාන්‍යයෙන් ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපයේ ග්‍රාමීය හා කෘෂිකාර්මික ප්‍රදේශවල ආසාදිත මදුරුවන් තුළ දක්නට ලැබේ. බොහෝ අවස්ථාවන් තත්ත්වය සාමාන්‍ය වුවත්, වෛරසය මගින් දරුණු මොළයේ ඉදිමීම සහ දුර්ලභ අවස්ථාවන්හිදී මරණයට පවා හේතු විය හැක.මෙම සිද්ධිය මගින් මෙම ගිම්හානයේ දී වික්ටෝරියා හි Japanese Encephalitis virus හඳුනාගත් පළමු අවස්ථාව සනිටුහන් කරයි. දිගු ලිහිල් ඇඳුම් ඇඳීම සහ කෘමි විකර්ෂක භාවිතා කිරීම ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝගවලට එරෙහිව පූර්වාරක්ෂාව ගන්නා ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටිති.