ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (6) ප්‍රකාශයට පත්කළ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් අනුව ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ස්ථාන 8කින් පහළට වැටී 22 ස්ථානයට පත්ව සිටියි.මෙලෙස විරාත් කෝලි ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම්හි පළමු 20 දෙනාගෙන් පහළ ස්ථානයකට වැටුණේ වසර 10කට පසුව වීම විශේෂත්වයකි.නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම් පෙරමුණ එංගලන්තයේ ජෝ රූට්ට හිමිව ඇත.එහි දෙවැනි ස්ථානයේ නවසීලන්තයේ කෙන් විලියම්සන්ට හිමිව ඇති අතර, තෙවැනි ස්ථානයේ එංගලන්තයේ හැරි බෘෘක් රැඳී සිටියි.ටෙස්ට් පිතිකරුවන්ගේ පළමු 20 දෙනා අතර ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනෙකු සිටින අතර, ඉන් ඉදිරියෙන්ම සිටින්නේ කමිඳු මෙන්ඩිස් ය. ඔහුට 11වැනි ස්ථානය හිමිව ඇත. එමෙන්ම දිමුත් කරුණාරත්න 14 වැනි ස්ථානයත්,ටෙස්ට් නායක ධනංජය ද සිල්වාට 15වැනි ස්ථානයත් හිමිව ඇති අතර, දිනේෂ් චන්දිමාල් 18වැනි ස්ථානයේ රැඳී සිටියි.මේ අතර ඉන්දීය නායක රෝහිත් ශර්මාද ස්ථාන 2කින් පහළට වැටී මේ වනවිට 26වැනි ස්ථානය හිමිව ඇත.