Melbourne අගනගරය පුරා වේගයෙන් පැතිර යන නියුමෝනියාවක්

  • Home
  • /
  • Health
  • /
  • Melbourne අගනගරය පුරා වේගයෙන් පැතිර යන නියුමෝනියාවක්

මෙල්බර්න් අගනගරය පුරා වේගයෙන් පැතිර යන නියුමෝනියාව රෝගය මීදුම හරහා පැතිර යන දරුණු ආකාරයේ නියුමෝනියාව (Legionnaires) රෝගයක් බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ක්ලෙයාර් ලුකර් හෙළි කළේ සිකුරාදා දහවල් සිට රෝගය තහවුරු වූ රෝගීන් 22 ක් සහ සැක සහිත රෝගීන් හය දෙනෙකු වාර්තා වී ඇති බවයි. 

‍වෛද්‍ය ලුකර් පැවසුවේ වඩාත්ම අවදානමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40 ට වැඩි වැඩිහිටියන්, මූලික වශයෙන් දුම් පානය කරන්නන් හෝ ප්‍රතිශක්තිකරණ අඩු ඇති ඕනෑම අයෙකු බවයි.

Mayo සායනය විසින් පවසන ආකාරයට මෙම රෝගය “නියුමෝනියාවේ දරුණු ස්වරූපයක්” ලෙස වර්ගීකරණය කරන Legionnaires රෝගය පැතිරෙන්නේ ලෙජියෝනෙල්ලා බැක්ටීරියා අඩංගු ජලයෙන් හෝ වාතයෙන් ආශ්වාස කිරීමෙනි.එය බොහෝ විට විශාල ගොඩනැගිලි සඳහා වායු සමීකරණ උපාංගවලින් මීදුම හරහා පැතිරෙයි.

Legionnaires රෝගය උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, හිසරදය සහ මාංශ පේශි කැක්කුම සහ වේදනාව ඇතුළු රෝග ලක්ෂණ සමඟ පපුවේ ආසාදනයක් ඇති කළ හැකිය.

මෙල්බර්න් අගනගරයේ cooling towers ක්‍රියා කරන්නන්ට ඔවුන්ගේ cooling towers පරීක්ෂා කරන ලෙසත් උපදෙස් දී ඇත.

මෙම නියුමෝනියා බැක්ටීරියාව ගංගා, විල්, ඇළ දොළ සහ උණු දිය උල්පත් වැනි ස්වාභාවික ජල කඳවල ද දක්නට ලැබේ.නමුත් ඕස්ට්‍රේලියාව තුළ මේ බැක්ටීරියාවේ පැතිරීම සාමාන්‍යයෙන් සිදු වන්නේ නිෂ්පාදනය කරන ලද ජල පද්ධතිවල,උණුසුම් ජල පද්ධති සහ සිසිල් ජල පද්ධති, උණුසුම් ජලය භාවිතා කරන කෘතිම පද්ධති මගින් හෝ cooling tower වැනි කාර්මික ක්‍රියාවලීන් මගිනි.

නියුමෝනියා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් තුළ Legionnaires රෝගය පිළිබඳ වැඩි අවදානමක්  ඇති බවට උපදෙස් දී ඇති අතර රෝගියෙකුට නියුමෝනියා රෝගය ඇති බවට පරීක්ෂණ මගින් තහවුරු වුනු වහාම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට අවශ්‍ය වේ.

බලධාරීන් මේ වන විට රෝගය පැතිරීමේ ස්වභාවය පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර දේශීය cooling towers පරීක්ෂා කරමින් සිටී.

මෙල්බර්න් සහ ඒ අවට ප්‍රදේශවල ජීවත් වන, වැඩ කරන හෝ සංචාරය කර ඇති පුද්ගලයින් සහ Legionnaires රෝගයේ රෝග ලක්ෂණ මතු වන විට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

122
October 22, 2024