පාකිස්තානය සහ ඉරානය අතර ප්‍රධාන මාර්ගය වන N-40 ජාතික අධිවේගී මාර්ගය අඛණ්ඩව වසා දැමීම හමුවේ පාකිස්තාන ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මාර්ගය වසා දැමීම ඉරානය සමඟ පාකිස්තානයේ ගොඩබිම් සම්බන්ධතාවයට බලපා ඇති බවය.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල LPG ගෑස් සැපයුම ද අත්හිටුවා ඇති අතර දෙරට අතර පවතින ආතතීන් හේතුවෙන් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමාව ද වසා දමා ඇතැයි පාකිස්තානය පවසයි.
ආගමන බලධාරීන් පෙන්වා දෙන්නේ දිනකට 10,000කට ආසන්න පිරිසක් Torkham දේශ සීමාව හරහා ගමන් කරන බවය.