බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් කටයුතු කරන najmul hossain shanto නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ shanto, පසුව එරට එක්දින හා විස්සයි 20 කණ්ඩායමේද නායකයා ලෙසින් පත්කළේය.
කෙසේ නමුත් නායකත්වයට පත්වීමෙන් පසු ඔහුගේ පිතිකරණ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉස්මතු නොවුණ නිසා ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන්ට නායකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය බවයි.
දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 2වනදා අවසන් වීමත් සමග බංග්ලාදේශ කණ්ඩායමට ඇෆ්ගනිස්තානය හා බ.ඉ. කොදෙව් කණ්ඩායම් සමගින් තරග වැඳීමට නියමිතව ඇත.ඒ හේතුවෙන් බංග්ලාදේශයට කෙටි කාලයක් තුළදී ම නව නායකයෙකු පත්කරගැනීමට සිදුවනු ඇත.
කෙසේ වුවත් shanto යනු සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගත් නායකයෙකි.පසුගිය වසරේදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක්, ඉකුත් අගෝස්තු මාසයේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් කරා බංග්ලාදේශය මෙහෙවීමට ෂන්ටෝගේ නායකත්වය යටතේ හැකිවිය.