සිඩ්නි සහ ගිනිකොනදිග බොහෝ ප්‍රදේශ ග්‍රහණය කරගෙන සිටි දැඩි උෂ්ණත්වය නිමාවන බවත්,ඉන් පසුව සාමාන්‍ය අගයක උෂ්ණත්වයත් සමඟ,කුණාටු සහ වැසි අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
නැඟෙනහිර වෙරළ තීරය හරහා සිසිල් වෙනසක් සිදුවෙමින් පවතින අතර, උෂ්ණත්වයේ පහත වැටීමක් සිදුවනු ඇති බවට වාර්තා වෙයි.
අද(6) සිඩ්නි නුවර සෙල්සියස් අංශක 30 ක උෂ්ණත්වයක් ලැබෙන අතර, අඟහරුවාදා(7) වන විට එය සෙල්සියස් අංශක 20-25 ත් අතර සිසිල් තත්ත්වයකට වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වෙනස නිසා නැවුම් දකුණු සුළං සහ වර්ෂාපතනය ද ලැබේ.
BOM කාලගුණ විද්‍යාඥ Miriam Bradbury අනතුරු ඇඟවූයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝමයක් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින අතර මධ්‍යම සහ දකුණු භූමි ප්‍රදේශ මෙන්ම Illawarraහි සමහර ප්‍රදේශවලට දැඩි කුණාටු ඇතිවන බවට නිවේදනයක් නිකුත් කර ඇත.
අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම ප්‍රදේශවල හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැක.