සිඩ්නි සහ නිව් සවුත් වේල්ස් හි අනෙකුත් ප්‍රදේශ මේ වන විට සම්පූර්ණ ලැව් ගිනි තහනමක් යටතේ පවතින අතර, ප්‍රාන්තය අද (23) දැඩි ලැව්ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීම්වලට මුහුණ දී සිටී. සුළං තත්ත්වයන් සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 දක්වා ඉහළ යාම හේතුවෙන් සිඩ්නි හරහා මෙන්ම වයඹ සහ උතුරු බෑවුම් ප්‍රදේශ සදහා මෙම තහනම නිකුත් කිරීමට ගිනි නිවන බලධාරීන් කටයුතු කර ඇත.වෙරළ තීරයේ සුළං පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, සිඩ්නි නගරයට නිරිතදිගින් පැයට කිලෝමීටර 25ත් 35ත් අතර සුළං ඇති විය හැකි අතර, එය සවස් කාලයේ දී පැයට කිලෝමීටර 30ත් 40ත් දක්වා වැඩිවනු ඇති බවට සදහන් කර ඇත.
සම්පූර්ණ ගිනි අවදානම් ඇති ප්‍රදේශ අතරට The Hills, Blacktown, Blue Mountains, Burwood, Camden, Campbelltown, Canada Bay, Fairfield, Hawkesbury, Hornsby, Hunters Hill, Kogarah, Ku-ring-gai, Lane Cove, Liverpool, Mosman, North Sydney, Parramatta, Penrith, Randwick, Ryde, Strathfield, Sutherland, Sydney, Waverley, Willoughby, Woollahra, Bayside, Canterbury-Bankstown, Central Coast, Cumberland, Georges River, Inner West, and Northern Beaches යන ප්‍රදේශ ඇතුළත් කර ඇත.මේ වන විට ප්‍රාන්තය පුරා ලැව්ගිනි 26ක් ඇවිලෙමින් පවතින අතර,පවතින දැඩි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ප්‍රවේශම් වන ලෙස සහ දැනුවත් කිරීම් පිළිබදව අවදානයෙන් සිටින ලෙස බලධාරීන් උපදෙස් දෙයි.