T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන අලුත්වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන අලුත්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ක්‍රියාත්මක ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වේ. මීට පෙර මෙම තරගාවලිය මේ මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයට ක්‍රීඩකයන් පිටත්වීම හේතුකොටගෙන T10 තරගාවලිය දිනක් ඉදිරියට ගැනීමට තරග සංවිධායකයෝ තීරණය කර ඇත.ඒ අනුව මෙම තරග කාලසටහන සංශෝධනය කෙරිණි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලියේ කලම්බු ජැගුවර්ස්, ගෝල් මාවල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, ජැෆ්නා ටයිටෑන්ස්, කැන්ඩි බෝල්ට්ස් හා නුවරඑළිය කිංග්ස් යන කණ්ඩායම් 06 නියෝජනය සදහා විදෙස් රටවලින් ජාත්‍යන්තර ක්‍රිකට් තරු 36ක් සහභාගී වීමට නියමිත අතර ඔවුන්ගේ පැමිණීම මේ මස 7 වැනිදා සිට සිදු වේ.සෑම කණ්ඩායමක්ම උපරිම වශයෙන් ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පවත්වාගත යුතු වන අතර එහි අවම ක්‍රීඩකයන් ගණන 15කි. එම පිරිසට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් 7 දෙනකුද ඇතුළත් විය යුතුය.එක් තරග දිනක් පස්වරු 4.00ට, 6.15ට හා රාත්‍රී 8. 30ට වශයෙන් තරග 3ක් පැවැත්වීමට නියමිතව පවතී.මේ මස 18 වැනිදා අවසන් වටයේ තරග හා 19 වැනිදා පස්වරුවේ 5.30ට අවසන් මහා තරගය පැවැත්වේ.

Don't forget to share this post!

Recent Posts

landscape-with-windmills
February 5, 2025