T10 සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට

  • Home
  • /
  • Sports
  • /
  • T10 සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලැබූ ‘ලංකා T10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්විය.දින 9ක් පුරා කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී මෙම තරඟාවලිය පැවැත්විය. ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි අතර ලකුණු 26කින් පරාජයට පත් කරමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.ජැෆ්නා ටයිටන්ස් ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසනදී කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස්කිරීමට සමත් විය.මොහොමඩ් ෂෙසාඩ් සහ ෂෙවොන් ඩැනියෙල් ලකුණු 26 බැගින් රැස් කළ අතර, නායක දසුන් ශානක පන්දු 10කදී ලකුණු 21ක් රැස්කිරීමට සමත් විය.පන්දුයැවීමේදී ට්‍රෙවින් මැතිව් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තේය.කෙසේ නමුත් ලකුණු 133ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10දී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි.ටොම් අබෙල් නොදැවී ලකුණු 54ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.පන්දු යැවීමේදි රිචඩ් ග්ලීසන් ලකුණු 21කට කඩුලු 3ක් සහ නායක දසුන් ශානක ලකුණු 4ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.ඒ අනුව අවසන් තරගය ලකුණු 26කින් ජයගත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමු වරට පැවැත් වූ ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025