Tim Southee නවසීලන්ත ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • Tim Southee නවසීලන්ත ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වෙයි.

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පරාජයෙන් අනතුරුව නවසීලන්ත නායක Tim Southee සිය නායකත්වයෙන් ඉවත් වේ.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක Tim Southee නායකත්වය යටතේ නවසීලන්තය ටෙස්ට් තරඟ 14 කට තරග වැදී ඉන් තරඟ 06ක් ජයගත් අතර තවත් තරග 02 ක් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව සමග ඉකුත් දා අවසන් වූ ටෙස්ට් තරග දෙකේදී නවසීලන්තයට දරුණු පරාජයක් අත් වූ අතර, ඒ හේතුවෙන් ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීම සම්බන්ධයෙන් වන බලාපොරොත්තුවද අත්හැරීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවිය.

Tim Southee නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු නවසීලන්තයේ නව ටෙස්ට් නායකයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ Tom Latham බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Don't forget to share this post!

Recent Posts

122
October 22, 2024