Victoria පොලීසියෙන් Online වෙළඳපළේ ගනුදෙනුවල ආරක්ෂාව වැඩිකිරීමට නව හදුන්වාදීමක්

  • Home
  • /
  • News
  • /
  • Victoria පොලීසියෙන් Online වෙළඳපළේ ගනුදෙනුවල ආරක්ෂාව වැඩිකිරීමට නව හදුන්වාදීමක්

Online වෙළඳපළ හුවමාරුවලදී සිදුවන සොරකම් සහ පහරදීම් පිලිබඳ ඉහල යන පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන්, වික්ටෝරියා පොලිසිය විසින් Safer Exchange Zone නමින් නව මුලපිරීමක් හඳුන්වා දී ඇත.මෙම Safer Exchange Zone පුද්ගලයන්ට පුද්ගලික ගනුදෙනු සඳහා හමුවීමට ආරක්ෂිත සහ හොඳින් ආලෝකමත් ස්ථාන සපයමින් වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහිටි පොලිස් ස්ථාන 35ක පිහිටුවනු ලබන අතර මෙම ස්ථාන 24/7 ක්‍රියාත්මක වන අතර, ආරක්ෂාව වැඩි කිරීම සඳහා මෙම ස්ථාන CCTV කැමරා සහ සංඥාවලින් සමන්විත වේ.

විශේෂයෙන්ම 2020 දී කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ ඇදිරි නීතිය දැමීමට පෙර, බොහෝ විට සොරකම් කරන ලද භාණ්ඩ වන්නේ  smartphones වේ.ඊසානදිග මෙල්බර්න් හි මාස හයක සාර්ථක අත්හදා බැලීමකින් පසුව, සොරකම් සහ පහරදීම් අඩු වූ අතර,මෙම වැඩසටහන මේ වනවිට මෙල්බර්න් හි ස්ථාන 22 ​​ක සහ කලාපීය ප්‍රදේශවල 13 ක ඇතුළත් කිරීම සදහා පුළුල් වෙමින් පවතී.

නැගී එන අපරාධ ප්‍රවණතාවලට එරෙහිව ක්‍රියාශීලී පියවරක් ලෙස මෙම මුලපිරීමේ වැදගත්කම Commander Tim Tully විසින් අවධාරණය කළේය.කෙසේ නමුත් පොලිසිය තවමත් ප්‍රවේශම් වන්නැයි ජනතාවට උපදෙස් ලබාදෙන අතර පුද්ගලයන් දිවා කාලයේ හමුවීමට සහ ආරක්ෂාව සඳහා අමතර අයෙකු රැගෙන එන ලෙස නිර්දේශ කරයි.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025