කපාරාරාම ලිපියෙන්ද හතරවන මහින්ද රජුගේ අභයගිරි පුවරු ලිපිය අනුව පුරාණ අභීගිරි විහාරය මූල්‍ය කළමනාකරණය හා ගිණුම්කරණය පිළිබඳ පමණක් නොව සමකාලීනව රාජ්‍ය අංශයේ තත්ත්වයන් ද අධ්‍යයනය කරන්නෙකුට මනා තොරතුරු ලබා ගත හැකිය. අභයගිරි විහාරයට ම අයත් වූ මිහින්තලා ලිපියෙන් ද වඩාත් තහවුරු වෙයි. හතරවන මහින්ද රජුගේ අභයගිරි ලිපියේ අභයගිරිය ආදායම් ලැබෙන ස්ථානය ස්ථූපය, දාන ශාලාව බෝධිඝරය, පොහොයගේය ආදී වශයෙන් දක්වා ඒවායේ අයවැය ගණන් තැබීමට උපදෙස් දී ඇත. කපාරාරම ලිපියේ එම විහාරයට අයත් ඒ ඒ ගම් පරීක්ෂා කර ඒ ගම්වල ප්‍රධානින් ලවා වර්ෂ අවසානයේදී ඝණකාධිකාරීන් ලවා ඒ ගම්වල අයවැය පිරික්ෂා බලා මහා සංඝ සභාව මධ්‍ය පෙන්විය යුතු බවද අධිකරණ පරීක්ෂණ පැමිණි විට එයාට අයවැය ලියන තෙරුන් විසින් එය පරීක්ෂා කළ යුතු බවද සඳහන් වෙ. මහින්ද රජුගේ ඉහත කී ලිපියෙන්ද මේ ආකාරයෙන්ම මූල්‍යායතන දෙකෙහි සංඝයා විසින් ඒ ඒ ස්ථානයෙන් ලැබෙන අයවැය ලියා තබා වර්ෂ සහනයෙහි මහා සංඝයා මාධ්‍යයෙහි දැක්විය යුතු යැයි සඳහන් කර ඇත. කපාරාරාම ලිපියේ සඳහන් පරිදි ගිණුම් වාර්තා තබන්නේ පුස්තකාතයේ ය. පොතෙහි ගිණුම් පවත්වා ගෙන යාම සඳහා පංචිකාත විරය නම් නිළයක් සඳහන්වේ. පොතෙහි අයවැයේ වාර්තා කිරීමේ දී සේවක හා නිලධාරී වැටුප් නවාතැන් හා මිලදීම ගැනීම් ආදී වියදම් සියල්ලම පොතෙහි ැරදිව සටහන් කොට පෙට්ටියක බහා පාලක සභාව සතු මුද්‍රාවෙන් මුද්‍රා තැබිය යුතුය. එම කටයුත්ත දිනපතාව කළ යුත්තකි එසේ සටහන් කිරීමේ දී ආදායම් වියදම් හා ඉතිරි මුදල් ප්‍රමාණය පොතෙහි සඳහන් විය යුතුය. ගිණුම් තැබීමෙන් පසු පොත මුද්‍රා තැබීම නිසා අන් කිසිවෙකුට එය වෙනස්කම් කළ නොහැකි වේ. එසේම දෛනික ගිණුම්, මාසික ගිණුම් වාර්තාවක්ද එම වාර්තා ආශ්‍රයෙන් වාර්ෂික ගිණුම් වාර්තාවක්ද සෑදිය යුතුය. වර්ෂාවසහනයේ මහා සභාවට ඉදිරිපත් කර එම වාර්තාව හතරවෙනි මහින්දගේ අභයගිරි ලිපිය අනුව අභයගිරියට අනුබද්ධ විහාරවල ද ආදායම් මෙයාකාරයෙන්ම ගණන් තැබිය යුතුය. ඒවා ප්‍රධාන විහාරයේ ඝණකාධිකාරී පරීක්ෂාවට ඉදිරිපත් කළ යුතුය. පරීක්ෂාව සඳහා ඒ ඒ ආයතන වලින් සමාජිකයන් අට දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් තිබූ අතර ඉන් හතර දෙනකු ගෞරවයට පත් වූ ආචාර්යයවරුන්ගෙන් යුක්ත විය යුතුය. මිහින්තලේ කළුදිය පොකුණ ලිපිය අනුව අයවැය ඉදිරිපත් කිරීම ඔක්තෝබර්, නොවැම්බර් මසට පෙර සිදු කළ යුතුය. එසේ කිරීමට අසමත් වූ අයට ඔවුන්ගේ සේවය සඳහා වැටුප වශයෙන් භුක්ති විඳීමට ලබා දී තිබු ඉඩම්වල අයිතිවත් කළ යුතුය. මුදල් පරිපාලනය පිළිබඳ මෙම නීති රීති පනවා ඇත්තේ රාජ්‍ය පාලකයින් විසින් නිසා රාජ්‍ය භාණ්ඩාගාරයෙහි අයවැය පවත්වා ගෙන ගිය ක්‍රමය මෙම විහාරය සඳහා අනුගමනය කර ඇති බව සැළකිය හැකිය. ඒ අනුව අනුරාධපුර යුගයේ අග භාගයේ රාජ්‍ය අයවැය පවත්වා ගෙන ගියේ කෙසේද යන්න මෙකී අභයගිරි ලිපිවලින්ද දැක ගත හැකි වේ. තවද මෙම ලිපි පොදු ජනතාව, ප්‍රභූන්, රාජකීයන් මෙන් ම භික්ෂූන් වහන්සේලා විසින් ලියවන ලද ඒවා බව ඒවායේ අන්තර්ගතය හා ග්‍රාහකයන්ගේ නම් ගම් සැලකිල්ලට ගැනීමේ දී පැහැදිලි වේ.පස්වන කසුප් රජතුමා හා මිහිඳු රජතුමාගේ පුවරු ලිපි ද, කපාරාරාමයේ පිහිටුවා තිබූ දීර්ඝ සංස්කෘත ලිපිය ද අභයගිරි විහාරයේ පරිපාලන සඳහා නිකුත් කොට ඇති ව්‍යවස්ථා මාලා ය. පෙරිමියන්කුලම ලිපිය, 1 ගජබාහුගේ රත්න ප්‍රාසාද ලිපිය, භාතිකතිස්ස රජුගේ ලිපිය ආදී ලිපි රාජකීයයන් විසින් මෙහි නඩත්තුව සඳහා ආදායම් පැවරීම් ය. සලපතළ මළුවේ ලිපි සියල්ල ම ලියා ඇත්තේ එහි ගල් ඇතිර වීම සම්බන්ධ ව ය.ගල් ඔරුව සාදා පූජා කිරීම එම ලිපියේ ද පියගැටපෙළ සෑදීම බරෝස් මණ්ඩපය අසල ලිපි වලින් ද, පානීය ජලය සැපයීම සඳහා සමහර විට විදේශීය භික්ෂුවක් විය හැකි නන්දි නම් ථෙර සංස්කෘතයෙන් ලියා ඇති කපාරාරාම ලිපියෙන් ද විස්තර වේ. ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරමින් යතිවරයෙකු විසින් කාව්‍යයෙන් රචිත ලිපියක් ද වේ.
රචනය – කේනුර ගීසර