ඊශ්‍රායල අගමැති නෙදන්යාහුට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රායල අගමැති නෙදන්යාහුට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙන්ම ඊශ්‍රායල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.නෙදන්යාහුට සහ යෝව් ගැලන්ට් හට මෙම අපරාධ චෝදනා එල්ල වී ඇත්තේ, ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල්කොට ගනිමිනි. නෙදන්යාහු සහ ගැලන්ට් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ බව දැන දැන ගාසා තීරයට පහර දීමට පියවරගත් බවට ප්‍රබල සාක්ෂි තමන් සතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පෙන්වා දී ඇත.

Don't forget to share this post!

Recent Posts

Palestinian Hamas militants take part in an anti-Israel rally in Gaza City May 22, 2021. REUTERS/Mohammed Salem
July 2, 2025