ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගයේ ජනප්‍රියතම කලා තරු යුවලක් ලෙස ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල හැඳින්විය හැක.
උත්තම මුණි දළදා, හනික යමන් පුල්ලි ගොනෝ , මේ සෞම්‍ය රාත්‍රිය වැනි ජනප්‍රිය ගීත රැසක හිමිකරුවා වන ධර්මදාස වල්පොල 1950 සහ 1960 දශක වල සිංහල සිනමාව හැඩ කළ ඉතා ජනප්‍රිය පසුබිම් හඬක්.
සිංහල සිනමාවේ ගීත කෝකිලාව, ලතා වල්පොල මහත්මිය යුග යුග ගණන් ගැයෙන ගීත රාශියක හිමිකාරිනියයි. ඇයගේ හඬින් සිංහල සිනමාවට ගැයුණු ගීත වලට ආදරය නොකරන ශ්‍රී ලාංකිකයෙක් නොමැති තරම්. රොන් සොයා, ගලනා සීත ජලේ, සඳ කෝමලී, රන් වන් දුන් කරලින්, නමෝ මරියනි, හිම රේණු වැටෙනා ආදී ඒකල සහ යුග ගී රැසක් ඇයගේ නාමයත් සමග ප්‍රේක්ෂක හදවත් වල සටහන් වී තිබෙනවා.
මේ සියලු මතක ගී නැවත සජීවීව රස විඳීමට ඔබට වටිනා අවස්ථාවක් දැන් උදාවී තිබෙනවා. ඒ “මේ සෞම්‍ය රාත්‍රී” ප්‍රසංගයත් සමගයි. මෙහිදී ඔබ ආදරය කල ලතා වල්පොල මහත්මියගේ සහ ධර්මදාස වල්පොල මහතාගේ ගීත රැසක් ඔවුන්ගේ ආදරණීය මුනුපුරා වන තිසර බණ්ඩාර සහ ක්‍රිස්ටිනා බණ්ඩාරගේ හඬින් ඔබට රස විඳින්න පුළුවන්.
තිසර බණ්ඩාර සහ ක්‍රිස්ටිනා බණ්ඩාරගේ මංගල ප්‍රසංගය මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නේ Inwave & Manahara Entertainment විසින්. ඉන්ද්‍රජිත් මිරිහාන සංගීතය සැපයෙන මෙම “මේ සෞම්‍ය රාත්‍රී” ප්‍රසංගයත් සමග ඔබත් යුග ගණනක ගී මතක රස විඳීමට එක් වන්න.
දිනය සහ වෙලාව: Sat 19 Jul 2025 6:00 PM – 8:00 PM (UTC+10)
ස්ථානය: Banksia Campus Theater, Keysborough Secondary College, 8-20, Janine Road, Springvale South VIC 3172
Tickets: https://auslankatickets.com/onlineticket.php?eventid=1415132