ඔබට කැමති සෝස් වර්ග, අයිස්ක්‍රීම් සහ මිශ්‍ර පලතුරු සමඟ රස විඳින්න ගෙදරදීම සාදා ගත හැකි උණුසුම් වොෆල්ස්

  • Home
  • /
  • Cooking Recipes
  • /
  • ඔබට කැමති සෝස් වර්ග, අයිස්ක්‍රීම් සහ මිශ්‍ර පලතුරු සමඟ රස විඳින්න ගෙදරදීම සාදා ගත හැකි උණුසුම් වොෆල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 02
  • සීනි ග්‍රෑම් 30
  • කිරි ග්‍රෑම් 500
  • උණු කළ බටර් ග්‍රෑම් 50 
  • බේකින් කුඩු තේ හැඳි 1/4 
  • පිටි ග්‍රෑම් 240

සාදා ගන්නා ක්‍රමය

  • සිහින් පෙරනයක් භාවිතා කර වියළි අමුද්‍රව්‍ය සියල්ල හලාගෙන පසෙකින් තබන්න.
  • බිත්තර සහ සීනි මිශ්‍ර කරගන්න.
  • උණු කළ බටර් සහ කිරි ඊට එකතු කරගන්න.
  • මේ මිශ්‍රණයට හලා ගත් වියළි අමුද්‍රව්‍ය එකතු කර ගැටිති නැති වන තුරු හොඳින් මිශ්‍ර කරගන්න.
  • මිශ්‍රණය හොඳින් පෙරාගන්න.
  • භාවිතයට පෙර මිශ්‍රණය ශීතකරණය තුළ තබා ගන්න.
  • වොෆල් තැටියට මිශ්‍රණය වක් කිරීමට පෙර, බ්‍රෂ් එකක් භාවිතයෙන් තැටිය මතුපිට බටර් තවරන්න.
  • බටර්ස්කොච්, ස්ට්‍රෝබෙරි හෝ චොකලට් වැනි ඔබ කැමති සෝස් වර්ග, අයිස්ක්‍රීම් සහ නැවුම් පලතුරු සමඟ ගෙදරදීම සාදා ගත් වොෆල්ස් උණු උණුවේම රස විඳින්න! 

සූපවේදී රුවන් මෙන්ඩි​ස්

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024