ජූලි මාසය ඕස්ට්‍රේලියාවේ සීතලම මාසය ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් දකුණේ, ශීත කාලගුණය පවතිනකොට උතුර ටිකක් උණුසුම් කාලගුණයකට හිමිකම් කියනවා. මෙල්බර්න් සහ කැන්බරා වගේ දකුණට වෙන්න පිහිටි නගරවල, කාලගුණය තරමක් සීතල වුණාට උතුරේ ඩාවින් වගේ කලාප වල දහවල් කාලයේ 77°F ක පමණ උණුසුම් උෂ්ණත්වයක් පවතිනවා.
ඉතින් මේ සීත කාලයේ නගරය තුළ ලස්සන විඳින්න කැමති අයට වගේම තරමක් උණුසුම් කාලගුණයක් හොයන ඔයාටත් යන්න හොඳම තැන් ටිකක් ගැන තමයි අපි මේ කියන්න හදන්නේ.
සීතල කාලයේ උණුසුම් කාලගුණයක් හොයන අයට හොඳම තැන – Northern Queensland
උතුරු ක්වීන්ස්ලන්තයේ, ජූලි මාසයේ කාලගුණය තරමක් උණුසුම් හා වියළි ස්වභාවයක් ගන්නවා. ඉතින් සීතල ප්‍රදේශයක ඉන්න කෙනෙක්නම් ඔයා, මේ සීතලම ජුලි මාසයේ තරමක් උණුසුම් පරිසරයකට යන්න කැමති වේවි. මේ ප්‍රදේශයේ දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 77°F සිට 86°F දක්වා පරාසයක පවතිනවා. ඉතින් මේක එළිමහන් ක්‍රියාකාරකම් සහ මුහුදු වෙරළට යන්න හොඳම කාලයක්.
ජූලි මාසය උතුරු ක්වීන්ස්ලන්තයේ වියළි කාලයට අයත් වන නිසා ගොඩක් අඩු වර්ෂාපතනයක් තමයි තියෙන්නේ. ඒ නිසාම, මෙහි තියන ලොව පැරණිතම වැසි වනාන්තරවලින් එකක් වන Daintree වැසි වනාන්තරය සහ Great Barrier Reef වැනි ස්ථාන වලට යන්න හොඳම කාලයක් මේක.
සීතල නගරයක අත්දැකීම විඳගන්න කැමති ඔයාට – Sydney
සිඩ්නි ඔපෙරා හවුස් සහ Harbour Bridge වැනි නගරයට අනන්‍ය වුණ සුවිශේෂී සන්ධිස්ථාන සමඟින්, නාගරික සුන්දරත්වය සහ වෙරළබඩ සුන්දරත්වය මිශ්‍ර වුණු වෙනස්ම අත්දැකීමක් ලබා දෙයි. පරිසරයේ තියන සීතල බව මේ කලාත්මක නිර්මාණ සමග වෙනස්ම අත්දැකීමක් වේවි.
විශ්මයජනක ගෘහ නිර්මාණ ශිල්පය සහ වරාය පුරා ඇති ආකර්ශනීය දසුන් රස විඳිය හැකි ලෝක ප්‍රසිද්ධ opera house හි සංචාරයක් හෝ ප්‍රසංගයක් නැරඹීමට යන්නත් මේක හොඳම කාලයක්. සීතලේ ඇවිදින්න කැමති කෙනෙක්නම්, වෙරළේ සහ උද්‍යානයේ ලස්සන බලන ගමන් Coogee සිට Bondi දක්වා වෙරළ දිගේ ඇවිදගෙන යන්න. මේක මතක ගොඩක් එක්ක නිදහස් සැහැල්ලු බවක් ලබා ගන්න ඔයාට උදව් වේවි.
සිඩ්නි සිට ඉක්මනින් යන්න පුළුවන් ලස්සන ස්වභාවික පරිසරයක් හොයන කෙනෙක්ට ලස්සන නිල් කඳුකරයේ සුන්දරත්වය විඳින ගමන්, කඳු නැගීමට වගේම thermal baths අත්දැකීමක් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා.