කන්දේ රජු ලෙස හැදින්වුයේ මල​ය රජු ද?

  • Home
  • /
  • Blog
  • /
  • කන්දේ රජු ලෙස හැදින්වුයේ මල​ය රජු ද?

අපි කවුරුත් දන්නා අසා අැති දැක අැති ප්‍රකට නර්තන සම්ප්‍රදායක් තමයි උඩරට නර්තන සම්ප්‍රදාය. මේ උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන තැනක් හිමිවන කොහොඹාකන්කාරිය නම් වු ශාන්තිකර්මය තුල මේ නර්තන සම්ප්‍රදායේ උපත් කතාව තුලයි අද අපේ කතානායකයා මලයරජ්ජුරුවෝ ගැන සදහන් වේ.කුවේණි අස්න,සිහබා අස්න යන පොත් දෙකේ සදහන් “මලය රජ” යන නාමය කවිපොත්වල දැක්වෙන්නේ “මල රජ” හෝ “මලේ රජ” කියාය. “මලය රජ” උච්චාරණයේ දී “මලේ රජ” බවට පෙරළි ගියබව සිතිය හැකි ය. මේ මලේ රජු ගැන කතා කිරීමට පෙර කුවේණිය විසින් කල ශාපය සදහන් කලයුතුය. ඒ බව කුවේණි අස්න, සිහබා අස්න,කෙහොඔායක්කම හෙවත් විජයරාජකථාව දිවිදොස් සාන්තිය, දිවිරද කවි යන කෘති වල දැක් වේ.විජය රජු කුවේණි යත් දරුවන් දෙදෙනා ත් මාළිගාවේන් එළියට දැමු බව වංශ කථා වේ දැක්වේ. පසුව කුවේණි ය රජුටත් මුලු දීපයටත් සියලු දෙනාගේ ජීවිතය ට දිවියට ශාපකල බව වේ. නමුත් කොහොඹා කන්කාරියේ උපත් කතා වට අනුව ඒ ශාපයට,දිවියට කල දිවි දොසයට ලක්වන්නේ විජයගේ සුමිත්ත නම් වු සහෝදරයාගේ පුතු වු ලක්දිව රජකල පඬුවස්දෙව් රජුටය. මේ දිවිදොස කැපීමට මලය රජු කටයුතු කල අයුරු කුවේණි අස්න දක්වන සිදුවීම කෙටියෙන් මෙසේය, පඬුවස්දෙව් රජු සිහිනෙන් දිවිවෙසක් දැක බියපත් වීම,ජත්‍රයෙහි (කුඩයෙහි) වසන සුරවර (දෙවි පිරිස) ඒ බව සුරඳරාට දැන්වීම, දිවිදොස සුව කළ හැක්‍කේ මලය රජුට බව දැන්වීම,සක්දෙව් රජු ඉසුරුට (ඊශ්වරට ) නියෝග කිරීම, ඉසුරු රාහුට නියෝග කිරීම, මලය රජු දඩයමෙහි ලොල් බව අසා රාහු උෟරු වෙසක් ගෙන රජුගේ උයනට පිවිස උයන පාලු කිරීම, මලය රජු ඒ අසා උෟරාට කරල් හීයක් විදීම හා උෟරා රජුගේ මුදුනතින් පැන දිවීම, මලය රජු උෟරා පාරේ රට පුරා ලුහුබැඳම හා ලක්දිව පිවිසීම, උෟරා පාරේ ලුහුබැඳීම හා අැතැම් තන්හිදී වැදි සමූහයා රජුට එකතු වීම, සන්තාන (හංතාන) වනයේදී උෟරා ගල් කුළක් බවට පෙරළීම හා නැවතීම, රජු උෟරාට විදීම, මලය රජු “අනුරාධාඛ්‍ය (අනුරාධ) පුරයට උතුරු දෙස මඟුල්, උයනේදී පඬුවස්දෙව් නිරිඳු දැක සතිස් වැදිමුලත් සමග නෘත්‍ය දක්වා ( හැටපස් මංගල්‍යය හෙවත් කොහොඹා කන්කාරිය) රජු සතුටු කොට දිවිදොසින් මුදාලීම ඉහත සදහන් කල කථාව මහාවංසය දීපවංසය පූජාවලිය වැනි එෙතිහාසික ලේඛනයන්හි සදහන්ව නැත. ඒ බව සදහන් වෙන්නේ කෝට්ටේ යුගයෙන් පසු බව සදහන් කල යුතුය.මලයරජ්ජුරුවෝ කියන නමෙහි “මලය” යන නම භාවිතා කරන්නට අැත්තේ කුමක් මුල්කරගෙන දැයි ඔබට සිතෙන්නේ ඒ එතුමා මලෙන් උපන් නිසා යැයි කිව හැකි ය.මෙම මලෙන් උපන් මලය රජු ගේ උපත පිළිබඳ

  • රාජාවලිය
  • කුවේණි අස්න
  • සිහබා අස්න

වැනි සාහිත්‍ය මුලාශ්‍ර වල දක්වා අැත. නමුත් මේ පිළිබඳ මහාවංශය තුල හා දීපවංසය තුලින් කිසිම තොරතුරක් දක්වා නැත. දැන් ඒ මලය රාජ උපත මෙසේ දැක්විය හැකි ය. රාවණා රජු විසින් සගවා ගනු ලැබ සිටි සීතා බිසව යළිත් රාමා සමග එක් වුවාය. උමාගේ අයදීම පිට දිනක් සීතා විනෝදය සඳහා රාවණාගේ රූපය අැන්දාය. මේ දුටු රාමා සීතා කෙරෙහි කිපී අැය වනයට ගෙන ගොස් මරා දමන ලෙස සුමන දෙවියාට ( සුමන සමන් දෙවියන් නොවෙයි ) නියම කෙළේය. සුමන තෙමේ සීතා හිමාලයට ගෙන ගොස් වාල්මිකීගේ තාපසාරාමයේ නවතා අැය මැරූ බව රාමට කීය. වාල්මිකී තෙම් මේ වනවිටත් ගැබ් බරින් සිටි සීතා දැක අනුකම්පා කොට තමාගේ පොකුණ අසල කුටියක් තනා අැයට දුනී. කලක් ගොස් සීතා හට “සඳළිදු” යැයි පුත් රුවනක් ලැබිණි. දිනක් සීතා බිළිඳා යහන මත තබා පලවැල පිණිස ගිය විට බිලිඳා යහනෙන් බිම වැටී හැඬූවේය. තවුසා එතනට පැමිණි මුත් බිළිඳාට අත තැබීමට නොමනා හෙයින් බිළිඳා යහන මත නැති බව සීතා දුට හොත් අැය දුකට පත් වන බව දැක අසල වු පොකුණෙන් මානෙල් මලක් කඩාගෙන යහනෙහි තැබුවේය. මානෙල් මලෙන් කුමරෙක් උපන්නේය. පසුව සීතා පැමිණ යහන මත සිටි කුමරාට කිරි පොවද්දී අනෙක් බිළිඳාගේ කටහඬ අසා බිම බලා පුදුම වුවාය. එවැනි තවත් බිළිදෙකු මැවුව හොත් තවුසාගේ වචන පිළිගන්නා බවත් කියා සිටියාය. අනතුරුව තවුසා ඊතණ ගසක් ගෙන තවත් බිළඳෙකු මැවිය. සීතාගේ කුස උපන් කුමරා සඳලිදු නම් විය.මලෙන් උපන් කුමරා මලරජ විය. ඊතණ ගසින් උපන් කුමරාකිත්සිරි නම් විය. උඩරට නර්තන සම්ප්‍රදාය යේ කොහොඹා කන්කාරිය තුල

පින්සරු එබිසව කුස ඔත් කුමරුට සඳළිදුව       නමින්

රන් පියුමෙන් ලත් සුර කුමරුට මලරඳ නම්      තබමින්

තුන්වර ලත් කුමරුන්හට කිත්සිරි රජ නම්        යොදමින්

වෙන් කොට නම් එව සුර කුමරුට ඉසිවර කී     විලසින්

යනුවෙන් කවි ගායනා අැත. රාජාවලිය තුල මේ මලයරාජ උපත දීර්ඝ ලෙස දක්වා අැත. මලය යන වචන ගත්කල කන්ද ගිරි කුලකට කියන යෙදුමකි. අපි ඉතිහාසය හැදෑරීමේදී භාවිතා කරන “මලය කදුකරය” යන වචන මේ අපි කතාකරන “මලය” යන්නට බෙහෙවින් සමාන බව පෙනේ. එවිට බලන කල මලයරජ්ජුරුවෝ යනු ලංකාවේ කදුකරය පාලනය කල පුද්ගලයා වන්නට පුළුවනි. වර්තමානයේ මධ්‍යම කදුකරයේ ඉහළ පිහිටි කොත්මලේ,ගිරිතලේ වැනි ප්‍රදේශ වල නාමයන් ගත් කල

කොත+මලය = කොත්මලයමලය යන වචන ඉහළ ප්‍රදේශය යන්න අරුත් ලබාදෙන යි. සාහිත්‍යය ට අනුව මලකින් උපන් නිසා මලය යැයි කිවත් විචාරශීලිව බැලු විට මලය කදුකරය පාලනය කල බැවින් මලය වු බව පෙනේ. මේ මලය රජු පිළිබඳ ව වංශ කථා තුලතොරතුරු නැතත් මලය කදුකර ප්‍රදේශවලජීවිත් වන ජනයා අතර බොහො ජනප්‍රවාද අැත. වර්තමානයේ දී මලය රාජ තුන්කට්ටුව මහනුවර අැසළ පෙරහැර මංගල්‍යය නිමාවී සිදුකරන වලියක් මංගල්‍යයේ දී පිදීම ලක්වේ වංශ කථා තුල හා රජවරුන් පිළිබඳ ලියවුනු වෙනත් කෘති වලින් මලයරජ්ජුරුවෝ වැනි අප්‍රකට රජවරුන් ට සාධාරණයක් ලැබී නැත්තේ මන්ද…

රචනය – කේනුර ගීසර 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024