කළගුණ දත් ඇතා

  • Home
  • /
  • Blog
  • /
  • කළගුණ දත් ඇතා

මහ වැසි වැටෙන්නට වූයෙන් පාඨලී පුත්‍ර ගංගාව පිටාර ගැලීය. යුව රජුගේ ඇතු නැහැවීම සඳහා ගඟ වෙත යාමට  කෙටි මඟ වෙනුවට විකල්ප මාර්ග භාවිත කිරීමට ඇත් ගොව්වාට සිදු විය. අලුත් මාර්ගයේ අයිනක වූ කුඩා පැල්පතකින් ඉමිහිරි සුවඳක් වහනය වූ හෙයින් එතැන ඇතු නතර විය. ඇත් ගොව්වා කොපමණ උත්සාහ කළත් ඇතු සෙලවුණේ නැත.ඒ පැල්පතෙහි වාසය කලේ  වැලිතලප සාදා විකුණා ජීවිකාව ගෙන යන සම්මුදිත නම් අවිවාහක තරුණයෙකි. ඇතා දුටු මෙම තරුණයා වැලි තලප ගුලියක් ඇතුගේ මුවට දැමීය. ඉන් පිනා ගිය ඇතු එතැන සිටම එය රස විඳිමින් සෙමෙන් සෙමෙන් කෑවේය. අනතුරුව වැලිතලප සාදන්නට ආචාර කළ ඇතු එතැනින් පිටත් විය.

 ඊළඟ සතියේ ඇතු නැහැවීමට යෑමේදී ගංගාවේ ජලය බැස ගොස් තිබුණ හෙයින් කෙටි පාරෙන් ඒ වෙත යෑමට ඇත් ගොව්වා ඇතා මෙහෙයවුවත් කලින් ගිය පාරෙන්ම යෑමට ඇතාට උවමනා විය. ඇතාගේ පිට උඩ සිටි ඇත් ගොව්වා උඹට දුර යන්නට හැකි නම් මට මොකදයි කියමින් ඇතාගේ උවමනාවට ඉඩ දුන්නේය. පෙර දිනයේ මෙන් වැලිතලප පැල්පත අසල නතර වූ ඇතු දුටු සම්මුදිත එදින ද වැලිතලප ගුලියක් ඇතු මුවට එබීය. ඇත් ගොව්වාටද එදින වැලිතලප ඕනෑ විය. එහි රස බැලූ ඇත් ගොව්වා එහි රසයෙන් කුල්මත් විය. ඔහු රජ වාසලට ගිය වහාම යුව රජ සුශීමයන්ට මේ බැව් දන්වා සිටියේය. සුශීමයෝ වැලිතලප සාදන්නාට වහා පැමිණෙන ලෙස පණිවුඩයක් යැවීය. සුශීමයෝ හමු වූ සම්මුදිතට එතැන් පටන් සුශීමගේ දහවල අතුරුපස සඳහා වැලි තලප රැගෙන එන්නට සිදු විය. සුශිමයෝ මේ සඳහා කිසිදු වේතනයක් ගෙව්වේ නැත. එදින මහා වැසි දිනයකි. සුශිමයන්ට වැලිතලප රැගෙන යන සම්මුදිතට වෙනදා යන පාරෙන් යෑමට නොහැකි වූයේ එම පාර මුළුමනින්ම ජලයෙන් යට වී තිබුණ නිසාය. වෙනත් පාරකින් රජමැඳුර වෙත යන විට යුව රජ සුශීමයන්ගේ අතුරු පස වේලාව පසු වී තිබිණ. මින් දැඩි ලෙස කෝපයට පත්ව සිටි සුශීමයෝ වැලි තලප සාදන්නා ආ විට අල්ලා පිටිය මැද කණුවේ බඳින ලෙස සෙබළුන්ට නියෝග කළේය. රාජ පුරුෂයෝ ප්‍රමාද වී පැමිණි සම්මුදිත අල්ලා කණුවේ බැන්දහ. රාජ පුරුෂයෝ  මේ බැව් යුවරජ සුශීමයන්ට සැලකරන ලදුයෙන් එහි පැමිණි සුශීමයෝමාගේ අතුරුපස ප්‍රමාද කළ දුෂ්ටයා මා තට කරන දේ බලා ගනු “… යැයි කීවේය.පස්වාන් දහසකට බුදුවන්න යුව රජ තුමනි මා එන මාර්ගය ජලයෙන් යටවී තිබුණ බැවින් මෙම ප්‍රමාදය කළ ගැත්තාට අනුකම්පා කළ මැනව…සම්මුදිත බැගෑපත් විය.මට තොපගේ නිදහසට කාරණා වලින් පලක් නැත. සෙබළුනි මේ දුෂ්ටයාව ඇතා ලවා දළයෙන් ඇන, පාගා මරා දමනුසුශීමයෝ කැගැසුහ. කණුවේ ගැටගසා සිටි සම්මුදිත හඬමින් එහා මෙහා දඟලන්නට විය. ඇත් ගොව්වා ඇතා කැඳවා ගෙන ආවේය. සම්මුදිතට දළයෙන් ඇත පාගා මරා දමන ලෙස ඇතාට අණ දුන්නේය. සම්මුදිත වෙත ළං වූ ඇතා ඔහු දෙස හොඳින් බලා කණුවට බැඳ තිබූ කඹය හොඩයෙන් ලිහන්නට් විය. කඹයෙන් ගලවා ඉන්පසු ඇතා දළයෙන් අනිතැයි ඇත් ගොව්වා සිතුවේය. කඹයක ගැට ලිහන්නට තරම් දක්ෂ ඇතෙක් මේ මුළු දඹදිවම නැතැයි සිතමින් මෙලෙස ඇතෙක් පුරුදු පුහුණු කිරිමට ඇති තමුන්ගේ හැකියාව සුශීමයන්ට ප්‍රදර්ශනය කිරීමට ලැබීම ගැත ඇත් ගොව්වා අතිශයින් ආඩම්බර විය. ඇතා විසින් තමාව හඳුනා ගත් බව තේරුම් ගත් සම්මුදිතගේ බිය තරමක් පහ වී ගියේය. තමාගේ අතට නොරිදෙන අයුරිත් ගැට ලිහීම නිසාද සම්මුදිතට විශාල විශ්වාසයක් ඇතා කෙරේ ඇති විය. ගැට ලිහා දැමූ පසු ඇත් ගොව්වා සම්මුදිතට දළයෙන් අනිත ලෙස ඇතාට නියෝග කළේය.ඉතා රසවත් ආහාරයක් මට මේ මනුෂ්‍යයා ලෝභකමකින් තොරව දුන්නේය. ඉතින් කුමන හේතුවක් නිසා මම මේ මනුෂ්‍යයා මරා දමමිද?” ඇතා කල්පනා කළේය. නිතර හෙණ්ඩුවෙන් ඇන මට වද දෙන මේ ඇත් ගොව්වාගෙන් මට පලක් නැත සිතූ ඇතා සම්මුදිතව හොඬයෙන් ඔසවා පිට මත තබා ගත්තේය. කෝප වූ ඇත් ගොව්වා හෙණ්ඩුව රැගෙන ඉදිරියට එත්ම ඇතා එල්ල කළ පා පහරින් ඔහු බඹ ගණනාවක් ඈතට විසි වී ගියේය. වහා ක්‍රියාත්මක වූ ඇතා පාර දිගේ වේගයෙන් දිවගොස් නතර වූයේ උච්චේනියේය. කෝප වූ සුශීම   “ධනුද්ධරයනි  වහා ගොස් දුෂ්ට ඇතාට විද මරනුයැයි තම දුනු හේවා බළ ඇණියට නියෝග කළේය. අසුන් පිට නැගි ධනුද්ධරයෝ ඇතා හඹා ගියත් ඇතා පේන තෙක් මානයක නොවීය. ඇතාට විද මරාදැමීමට නොහැකිවූ ධනුද්ධරයෝ        ඇතාට  විද  ප්‍රපාතයෙන්පහළට හෙළුයෙමු යැයි සුශීමයන්ට බොරුවක් කීහ. සුශීමයෝප්‍රීතිය ප්‍රීතියියනුවෙන් කියමින් අත්පොළසන් නගන්නට විය. උච්චේණියට පලා ගිය ඇතාට වෙස්වලා ගෙන සිටි අශෝකයන් හඳුනා ගැනීමට හැකි විය. සියලු විස්තර සම්මුදිත විසින් අශෝකයන්ට සැල කළ අතර ආරක්ෂාව පිණිස රහසේම ඇතා කැලයට යවන ලදී. ඇතාගේ සියලු ඕනෑ එපාකම් අශෝකයෝ හා සම්මුදිත සොයා බැලූහ. සම්මුදිත යන නම කුම්භකාර ලෙස වෙනස් කොට ඔහු මැටි වැඩ කරන්නෙක් ලෙස සියල්ලන්ටම හඳුන්වා දුන්නේය. අශෝක යනු බිංදුසාර රජුගේ වැඩිමල් පුත්‍රයාය. දෙවන පුතු වන සුශීමයෝ බිංදුසාර රජුට කේළාම් කියා අශෝක, රජු කෙරෙන් බිඳවීය. මින් කෝපයට පත් රජු අශෝකයෝ මාලිගයෙන් පිටමං කළේය. ඔහු කුලී වැඩ කරමින් ජීවත් වී පසුව රජ වී මුළු දඹදිවම එක්සේසත් කොට ඉතා ධාර්මික රාජ්‍ය පාලනයක් ගෙන ගියේය. ධර්මාශෝක නමින් බුදු දහම ආසියාව පුරා ප්‍රචාරය කළේ ඔහුය. 

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024