එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.18 ක් හා විකුණුම් මිල රු. 301.74 ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී සටහන් වී තිබේ. මේ අනුව අද (10) දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 297.65 ක් ලෙසිනි.නමුත් පසුගිය පෙබරවාරි 05 වනදා රු. 299.14 ක් ඉහළ ගිය ඩොලරයේ මිල ක්‍රමිකව මේ වන විට පහළ බැස තිබේ. මීට අමතරව, ඔස්ට්‍රේලියන් ඩොලරයේ ගැනුම් මිල රු. 181.70 ක් හා විකුණුම් මිල රු. 190.95 ක් ලෙසින් ද වාර්තා වේ.