තවදුරටත් වඩාත් හොද සුරක්ෂිත රැකියා ලබාදෙන බව ඕස්ට්‍රේලියානු අගමැති පවසයි.

  • Home
  • /
  • News
  • /
  • තවදුරටත් වඩාත් හොද සුරක්ෂිත රැකියා ලබාදෙන බව ඕස්ට්‍රේලියානු අගමැති පවසයි.

හොඳ සුරක්ෂිත රැකියා නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා පවසා ඇත.

අග්‍රාමාත්‍ය Anthony Albanese පවසන්නේ තම බටහිර ඕස්ට්‍රේලියාවේ සංචාරයේ තේමාව වූයේ රැකියා උත්පාදනය බවයි.ඔවුන් මිලියන‍යේ සීමාවට ළඟා වෙමින් සිටින අතර මීළඟ සංඛ්‍යාලේඛන එළියට එන විට එය ඔවුන් තේරී පත් වූ දා සිට නිර්මාණය කරන ලද නව රැකියා මිලියනය ඉක්මවා යනු ඇතැයි විශ්වාස බවටත්, එය හිටපු රජයන් ඉක්මවා යනු ඇතැයි ද ඇල්බනීස් මහතා පවසා ඇත. මිනිසුන්ගේ ජීවන මට්ටමට යතුරක් වන්නේ රැකියාවක් බවත් රැකියාවක් අවශ්‍ය පුද්ගලයින්ට එම අවස්ථාව ලබා දීම කළ යුතු බවත් පවසා ඇත.සෑම බදු ගෙවන්නෙකු සඳහාම ඔවුන් බදු කප්පාදුව සිදු කරන බවත් මිනිසුන් වැඩිපුර උපයා ගැනීමට සහ ඔවුන් උපයාගත් දෙයින් වැඩි ප්‍රමාණයක් ජනතාව සතුව තබා ගැනීමට අවශ්‍ය බවත් ඇල්බනීස් මහතා තවදුරටත් පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

Screenshot_20200718-131658_Chrome
September 6, 2024