අවශ්‍ය ද්‍රව්‍ය
- දිනක් පරණ ක්‍රොසන්ට් එකක් හෝ අවශ්‍ය ප්‍රමාණයට
- ක්‍රීම් මිලිලීටර් 650 යි
- බිත්තර කහ මද හයයි
- සීනි ග්‍රෑම් 175 යි
- වැනිලා එසන්ස් තේ හැඳි 1/4 ක්
- සුදු චොකලට් ග්‍රෑම් 175 ක්
- නැවුම් ස්ට්රෝබෙරි (පෙති කපාගත්)
සාදා ගන්නා ක්‍රමය
- සීනි සහ වැනිලා සාරය සමඟ මිශ්‍ර කරගනිමින් සාස්පාන් තුළ ක්‍රීම් ටික උතුරවා ගන්න.
- මිශ්‍රණය ලිපෙන් බා ගන්න.
- මේ අතර, බඳුනක කහ මද සියල්ල මිශ්‍ර කරගන්න.
- උණු කරගත් මිශ්‍රණයට කහ මද එකතු කර මිශ්‍රණය හොඳින් පෙරා ගන්න.
- සුදු චොකලට් මත ක්‍රීම් මිශ්‍රණය වක් කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න.
- රැමකින් (ramekin) දීසිවල ක්‍රොසන්ට් සහ නැවුම් පෙති කපන ලද ස්ට්‍රෝබෙරි අතුරා ගන්න.
- ramekins මත සුදු චොකලට් ක්‍රීම් මිශ්‍රණය එකතු කරන්න.
- 170c ක උෂ්ණත්වයෙන් උණු වතුර භාවිතයෙන් බේක් කරගන්න. (ක්‍රීම් කැරමල් බේක් කරගන්නේ මේ ආකාරයෙනි.)
- විනාඩි 15-20 ක් බේක් වෙන්නට හරින්න.
- ශීතකරණයක් තුළ එක් දිනක් සිසිල් කර ramekins ඉවත් කරගන්න.
- මයික්‍රෝවේව් උඳුනක රත් කර, උණුසුම්ව ඔබගේ ආදරණීයයන් වෙත පිළිගන්වන්න.