නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු ශ්‍රී ලංකාවේ නාවික හමුදාව භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ධීවර යාත්‍රා 05ක සිටි අදාළ ධීවරයින් පිරිස මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් ය.
22 වන සහ 23 වන දින අලුයම් කාලයේ උතුරුමැද නාවික විධානය මගින් අදාළ මෙහෙයුම සිදුකර ඇති බව සඳහන්ය.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් ධීවරයින් සහ යාත්‍රා තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, මේ වසරේ ගතවූ කාලය තුළ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 131 දෙනෙකු සහ ධීවර යාත්‍රා 18ක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් ය.