බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මහමුදුල්ලා T20 පිටියට සමුදෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මහමුදුල්ලා T20 පිටියට සමුදෙයි.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් මහමුදුල්ලා T20 පිටියෙන් විශ්‍රාම ගන්නා බවට දැනුම් දී තිබේ. ඉන්දියාව සමඟ පැවැත්වෙන T20 තරගාවලිය මහමුදුල්ලාගේ අවසන් තරගාවලිය වනු ඇති බවට ඔහු සඳහන් කර ඇත. 

එහිදී ඔහු මේ ආකාරයට අදහස් ප්‍රකාශ කර ඇත.”මෙම තරඟාවලියේ අවසන් තරඟයෙන් පසුව මම T20 ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා.මම මෙහි පැමිණීමට පෙර කලින් තීරණය කළා,මම මගේ පවුලේ අය සමඟ කතා කළා. මම පුහුණුකරුට, නායකයාට, ප්‍රධාන තේරීම් කමිටුවට සහ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිට දැනුම්දුන්නා. මම හිතන්නේ මම ගත්ත තීරණය නිවැරදියි. මට සහ කණ්ඩායමට මෙම ආකෘතියෙන් ඉදිරියට යාමට කාලය උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක කුසලානයට වසර දෙකකට වඩා අඩු කාලයකදී එළැඹෙන නිසා මම එක්දින තරග රටාවට අවධානය යොමු කරනවා”.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025