ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු.19න් පහළ යොවුන් කණ්ඩායම ලබන අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
තරග 6 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරගාවලිය ආරම්භ වීමට පෙර අප්‍රේල් 24 වැනිදා බංග්ලාදේශ යොවුන් පිලට පුහුණු තරගයකට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇති බව වාර්තා වේ.
තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 26 වැනිදා පැවැත්වෙන අතර මැයි 08 වැනිදා පැවැත්වෙන 6 වැනි එක්දින තරගයෙන් අනතුරුව තරගාවලිය නිමාවනු ඇති බව සඳහන් වේ.