බොට්ස්වානා පතලකින් හමු වූ මෙතෙක් සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය එළිදක්වයි.

  • Home
  • /
  • News
  • /
  • බොට්ස්වානා පතලකින් හමු වූ මෙතෙක් සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය එළිදක්වයි.

බොට්ස්වානාවේ පිහිටි කරෝවේ දියමන්ති පතලෙන් කැරට් 2,492 ක දැවැන්ත දියමන්තියක් සොයා ගෙන ඇති අතර එය මෙතෙක් සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය සහ සියවසකින් පසු හමු වූ විශාලතම දියමන්තිය ලෙස සනිටුහන් කරයි. කැනේඩියානු සමාගමක් වන Lucara Diamond Corp විසින් සොයා ගන්නා ලද මෙම දියමන්තිය බොට්ස්වානා ජනාධිපති Mokgweetsi Masisi විසින් ප්‍රදර්ශනය කරන ලදී. මෙම දියමන්තිය සොයා ගැනීම නිසා මීට පෙර සොයාගත් කැරට් 1,109 Lesedi La Rona සහ කැරට් 1,758 Sewelô දියමන්ති ඇතුළු කැපී පෙනෙන සොයාගැනීම්වලින් පසුව ඉහළ වටිනාකමකින් යුත් මෙම දියමන්තිය නිසා කරෝවේ ප්‍රදේශය වටිනා දියමන්ති හමු වීමේ කීර්තිය තවත් ශක්තිමත් කර ඇත.දියමන්තියේ වටිනාකම තවමත් තීරණය කර නොමැති නමුත් එහි වටිනාකම සොයාගැනීම උදෙසා කරන ලද කැණීමේ දී උසස් X-ray තාක්ෂණයේ ද ඉතා වැදගත් වී තිබේ.බොට්ස්වානා ගෝලීය දියමන්ති කර්මාන්තයේ ප්‍රධානියෙකු වන අතර ඔවුන් ලෝක නිෂ්පාදනයෙන් 20% කට දායක වේ.

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025