මරාන්තික මන්දපෝෂණ​යේ වර්ග පිළිබඳව ඔබ දැනුවත් ද?

  • Home
  • /
  • Blog
  • /
  • මරාන්තික මන්දපෝෂණ​යේ වර්ග පිළිබඳව ඔබ දැනුවත් ද?

අද වන විට ලෝකයේ ජනගහනය අතර වැඩි වශයෙන් දැකගත හැකි රෝගී තත්ත්වයක් වන්නේ මන්දපෝෂණයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පෝෂණය ලබා ගැනීමේදී පවතින ඌනතාවයන් හෝ අධි පෝෂණ මට්ටම්, අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන්ගේ  අසමතුලිතතාවය හෝ දුර්වල පෝෂණ තත්ත්වයන් යනාදිය මන්දපෝෂණය ලෙස අර්ථ දක්වා ඇත. සමස්ත ලෝකයේම මන්දපෝෂණ ගැටලුව පිළිබඳව විමසීමේ දී විශේෂයෙන්ම අප්‍රිකානු හා ආසියානු කලාපය තුළ මන්දපෝෂණ තත්ත්වය වැඩි වශයෙන් දැකගත හැකිවේ. කෙසේ වෙතත් මන්දපෝෂණය තුළ විවිධ වර්ගයේ මන්දපෝෂණ තත්ත්වයන් පවත්නා බව ඔබ දැනසිටියාද? මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි මන්දපෝෂණ වර්ග පිළිබඳවයි.

 

කැලරි මන්දපෝෂණය

ශරීරයට අවශ්‍ය කරන්නා වූ කැලරි ප්‍රමාණය ඌන වීම හේතුකොටගෙන මෙම මන්දපෝෂණ තත්ත්වය ඇති වේ. මෙය මාරස්මුස් ලෙසද හඳුන්වයි. මෙම කාණ්ඩයට පොදුවේ, සුලු ආහාර වැඩි වශයෙන් අනුභව කරන පුද්ගලයන් ඇතුළත් වෙයි.

 

ප්‍රෝටීන් මන්දපෝෂණය

මෙම කාණ්ඩයට අයත් පුද්ගලයන්ගේ ශරීරය තුළ අඩු ප්‍රෝටීන් ප්‍රමාණයක් හා ඉහළ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු වේ. මෙයාකාරයේ  මන්දපෝෂණයට ගොදුරු වූ පුද්ගලයන්ට උදරය පුපුරායාම, අක්මාවේ ගැටළු ඇතිවීම වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය.

 

 ඛනිජ හා විටමින් ඌනතාවය

මෙයාකාරයේ මන්දපෝෂණයෙන් පෙළෙන අයට නොදියුණු ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අතර ඒ නිසා රෝග වැළඳීමේ වැඩි අවදානමක්ද පවතී. තවද ඔවුන් නිරන්තරව තෙහෙට්ටුවෙන් සිටීම  හා ඉගෙනීම සඳහා අඩු අවදානමක් ලබාදීම ද පෙන්නුම් කරයි.

 

මෘදු උග්‍ර පෝෂණය

පුද්ගලයාගේ බර ඔහුගේ හෝ ඇයගේ වයසට ගැළපෙන ලෙස පැවතිය ද ඒ පුද්ගලයන්ගේ උස ඔවුන්ගේ වයසට වඩා අඩු මට්ටමක පවතී නම් එම පුද්ගලයන් මෘදු උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙයි.

 

 මධ්‍යස්ථ උග්‍ර මන්දපෝෂණය

  මෙම අවධියේ දී බලපෑමට ලක් වූ පුද්ගලයන්ට ඔවුන්ගේ වයසට ගැළපෙන උස ප්‍රමාණවත් වුවත්, ඔවුන්ගේ වයසට ගැළපෙන බර නොතිබීම දැකගත හැකි ලක්ෂණය වේ.

 

 දරුණු මන්දපෝෂණය

දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයන් මිය යාමේ වැඩි අවදානමක් දැකිය හැකිය. මොවුන්ගේ වයස හා උස අනුව ශරීර බර අවම වශයෙන් 30% ට වඩා අඩු අය වෙයි. මෙම කාණ්ඩයේ මන්දපෝෂණයෙන් පීඩාවට පත් වූවන්ගේ ශරීරයේ මාංශපේශි හා අවයව ශක්තිමත් බවින් අඩු බවක් පෙන්නුම් කරයි. 

 

නිදන්ගත මන්දපෝෂණය

නිදන්ගත මන්දපෝෂණය යනු මෙතෙක් සඳහන් කළ මන්දපෝෂණ වර්ග අතරින් වඩාත් භයානකම වූ මන්දපෝෂණ තත්ත්වයි. යකඩ, අයඩින්, ෆෝලික් අම්ලය හා විටමින් A වැනි මූලද්‍රව්‍ය නොමැතිවීමත්, පානීය ජලය ඉතා අඩු වශයෙන් පරිභෝජනයට ගැනීමත් නිදන්ගත මන්දපෝෂණය ඇති වීමට ප්‍රධාන හේතුන් වෙයි. “අයුඩා එන් ඇක්සියන්” නම් රාජ්‍ය නොවන සංවිධානයට අනුව නිදන්ගත මන්දපෝෂණය ලෝකයේ ළමුන් මිලියන 160 කට පමණ බලපා ඇති බව දක්වා ඇත. ලමුන්ගේ වර්ධනය සඳහාද මෙම තත්ත්වය බලපෑම් කරයි. ගර්භණි සමයේදී මවට ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ නොලැබීමත්, දරුවාගේ පළමු වසර තුළ ඔහුට හෝ ඇයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීමත් නිසා දරුවන් තුළ නිධන්ගත මන්දපෝෂණ තත්ත්වය ඇතිවිය හැකිය.

මෙයාකාරයේ විවිධ වූ මන්දපෝෂණ තත්ත්වයන් යම් පුද්ගලයකුට වැළඳීම අවසානයේ සිදුවන්නේ, ඒ පුද්ගලයාගේ ජීවිතයට බලපෑම් එල්ල කිරීම විනා මන්දපෝෂණය ලෝකයෙන් තුරන් කිරීමට අප සියලු දෙනා වගබලා ගත යුතුය. නැතහොත් අනාගතයේදී දරුණු විපත්තියකට මුහුණදීමට සිදු වනවා නොඅනුමානය.

සටහන – ඉසුරි  එදිරිසිංහ

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024