මිනිස් අසූචිවලින් දූෂණය වීමේ අවදානම හේතුවෙන් සිඩ්නි හරහා ඇති beaches සහ bays විශාල ගණනකට ජල තත්ත්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.NSW රජයේ මෑත වාර්තාවෙන් හෙළි වූයේ, ප්‍රාන්තයේ නිරීක්‍ෂණය කරන ලද පිහිනුම් ස්ථානවලින් ආසන්න වශයෙන් 28% ක් දූෂණයට ගොදුරු වන අතර, පිහිනන්නන් විසින් කිමිදුම් කටයුතු සිදු කිරීමට පෙර ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සුදුසු බවයි.
Beachwatch වෙබ් අඩවිය විසින් Gymea Bay, Malabar Beach, සහ Oatley Bay Baths ඇතුළු ස්ථාන කිහිපයක අනතුරු ඇඟවීම් සහිතව සලකුණු කර ඇත. බොහෝ වෙරළ තීරයන්ට හොඳ ශ්‍රේණිගත කිරීම් ලැබුණු අතර, Oatley Bay “පිහිනීම සඳහා නුසුදුසු” ලෙස සලකනු ලැබීය. කුඩා දරුවන් සහ වයස්ගත වැඩිහිටියන් වැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සෞඛ්‍ය අවදානමකට මුහුණ දිය හැකි බවට බලධාරීන් විසින් ජනතාවට උපදෙස් දෙයි.
දූෂිත ජලයේ පිහිනීම හේතුවෙන් gastroenteritis සහ මලපහ ද්‍රව්‍යවල බහුලව දක්නට ලැබෙන ආසාදන ඇතුළු බරපතල සෞඛ්‍ය ගැටලුවලට තුඩු දිය හැකි බව වාර්තාව මගින් අවධාරණය කරයි. කාලගුණ විද්‍යා කාර්යාංශය තෙත් ග්‍රීෂ්ම කාලයක් පිළිබදව සදහනක් සිදුකර ඇති අතර, එය ජලයේ ගුණාත්මක ගැටලු උග්‍ර කළ හැකි බැවින්, පිහිනීමට පෙර, විශේෂයෙන් වර්ෂාපතනයෙන් පසු හෝ ජලය දූෂණය වීමේ සලකුණු පවතින විට, අවදියෙන් සිටින ලෙසත්, තත්ව පරීක්ෂා කරන ලෙසත් පිහිනන්නන්ගෙන් ඉල්ලා සිටී.