ඉරිදා වන විට Queensland වෙරළට ඔබ්බෙන් නිවර්තන පහත් තත්වයක් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබේ.
මෙම සුළි කුණාටුව North Queensland වෙරළට ඔබ්බෙන් වර්ධනය වී උතුරු කොරල් මුහුදේ වර්ධනය වෙමින් පවතිනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.
කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන පරිදී මෙම සුළි කුණාටුව නැගෙනහිරට හෝ ගිනිකොන දෙසින් ගමන් කර ක්වීන්ස්ලන්ත වෙරළට බොහෝ දුරින් පවතිනු ඇති බව අපේක්ෂා කරන බවයි.
එසේ තිබියදීත්, සෙනසුරාදා වන විට සුළි කුණාටුවක් ඇතිවීමේ අඩු මට්ටමක් පවතින බවත්, එම සම්භාවිතාව ඉරිදා වන විට ඉහළ යන බවත් ඔවුන් පවසා තිබේ.