රුසියාවේ සහයට උතුරු කොරියානු හමුදාව යුධ බිමට

  • Home
  • /
  • News
  • /
  • රුසියාවේ සහයට උතුරු කොරියානු හමුදාව යුධ බිමට

යුක්රේන හමුදාවන් පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 

යුක්රේන හමුදාවන් සහ උතුරු කොරියානු හමුදාවන් සටන් වදින බව අනාවරණය කළේ  දකුණු කොරියාවේ කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව් ය.රුසියාවට සහාය දක්වමින් උතුරු කොරියානු සෙබළුන් 11,000 ක්, රුසියාවට ගොස් සිටින්නේ රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වීමටය. පසුගිය නොවැම්බර් 4 වැනිදා සිට උතුරු කොරියානු සෙබළුන්, රුසියන් සෙබළුන් සමඟ එක් වී, යුක්රේන සෙබළුන් සමඟ යුධ වැදී ඇත. 

රුසියාව සහ යුක්රේනය මෙන්ම, රුසියාව සහ උතුරු කොරියාව ද එකිනෙකට මායිම් වන රටවල් වේ. උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් සම්බාධක පනවා ඇති අතර එසේ සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන නිසාවෙනි.රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ යහපත් සබඳතා පවතී. ඇමෙරිකාව යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්,රුසියාවට සම්බාධක පැනවීමක් ද කර ඇත.යුක්රේන හමුදා සටන් වැදීමට,රුසියාව අවි ආයුද සහ පතුරම් මිලදී ගන්නේ උතුරු කොරියාවෙනි.කොරියානු නායක කිම් ජොන් උන්, සිය සෙබළුන් යුක්රේනයට යවා ඇත්තේ පුටින් සමඟ පවතින මිත්‍රත්වය නිසාය.

Don't forget to share this post!

Recent Posts

Emirates-retail
December 12, 2024