ලංකාවත් හජ්ජියාර් මහත්තයා​ගේ තාප්පෙ වගේ

  • Home
  • /
  • Blog
  • /
  • ලංකාවත් හජ්ජියාර් මහත්තයා​ගේ තාප්පෙ වගේ

මෙය ලංකාවේ දකුණු පළාතේ උදවිය නිතර කියන උපමාවකි.එයට අදාළ සිදුවීම මෙසේය.

මාතර නගරයේ ජීවත්වූ වත්පොහොසත් කමින් නොඅඩු හජ්ජියාර් කෙනෙක් විය.මොහුගේ නිවස ඉදිරිපිට තාප්පයක් නොවීය. මේ හේතුව නිසා තම රූමත් බිරිඳට නිවස ඉදිරිපිට හෝ ආලින්දයේ ගැවසීමට අවස්තාවක් නොවූයේ පාරේ යන එන තරුණයෝ ඇය දෙස බැල්ම හෙලීම නිසාය. නගර සභාවේ නීතිරීති වලට අනුව නිවාස ඉදිරිපිට අළුතින් තාප්ප ඉඳිකිරීම තහනම්ය.එහෙත් ඉඳිකර ඇති තාප්ප කඩා දමන්නේ නැත.එක රැයකින් තාප්පය හදාගැනීමට හැකි වූවහොත් ගැටලුව නිරාකරණය වනු ඇතැයි  හජ්ජියාර් කල්පනා කළේය.

තාප්පය සැදීමට අවශ්‍ය ගඩොල් සිමෙන්ති වැලි රැස් කරගත් හාජ්ජියාර් තාප්පය බැඳීම සඳහා අවශ්‍ය මිනිසුන් හා බාස් උන්නේහෙලාද ගෙන්වාගත්තේය.රාත්‍රී දහයට පමණ වැඩකටයුතු ආරම්භ විය. පසුදින පාන්දර හතරට පෙර තාප්පය බැඳ අවසන් කලයුතු බවද තාප්පය බැඳීමට අදාළ උපදෙස්ද දී හජ්ජියාර් මහතා නින්දට ගියේය. බාස් උන්නැහේ ඇතුළු කුලී කරුවෝ ලහි ලහියේ වැඩ කරන්නට වූහ.

රාත්‍රී 1එකොළහට පමණ  පැමිණි හජ්ජියාර්ගේ මෑණියෝ මෙතරම් තාප්පය එසවුවහොත් තමාට පාරේ යන එන අය සමඟ ඕපදූප කතා කිරීමට නොහැකි වනු ඇති යැයි  සිතා තමාගේ බෙල්ල මට්ටමට තාප්පය බඳින ලෙස බාස් උන්නැහේට අණ කළාය. එතැන් පටන් බාස් උන්නැහේ එම අණ පරිදි ක්‍රියා කළේය .

හජ්ජියාර්ගේ පියා රාත්‍රී දොළහට පමණ පැමිණියේය.ප්‍රධාන පාරේ සිට අඩි තුනක් පමණ වත්ත තුලට වන්නට තාප්පය බැඳගෙන යනු දුටු  ඔහු

ඕයි ! ඕයි !! ඕයි !!! මොක්කද අයිෂේ  මේ කරන විනාෂෙ  ?තමුසෙල දන්නවද මෙහෙ පර්ච් එක කීය වෙනවද 

කියල? කරුණාකරල පාර අයිනටම අල්ලල තාප්පෙ බඳිනවා.

එතැන් පටන් බාස් උන්නැහේ එපරිද්දෙන් කටයුතු කරන්නට විය.

පාන්දර දෙකට පමණ ව්‍යාපාරිකයෙකු වූ හජ්ජියාර්ගේ මාමා පැමිණියේය.

මක්කද තමුෂේල කරනවා  ? ඔච්චර පළල තාප්ප ගහන්න තමුෂේලට  පිශ්ෂුද   ? ගඩොල දිග්ග අතට තියල පළල අඩ්ඩු කරනව

බාස් උන්නැහේ එතැන් පටන් එලෙස තාප්පය බඳින්නට විය.

උදේ පැමිණි හාජ්ජියාර්ට දක්නට ලැබුණේ  තාප්පයක් නොව විකාරයකි.කෝපයට පත් හජ්ජියාර් තාප්පය කඩා දමන ලෙස බාස් උන්නැහේට අණ  කළේය.

හජ්ජියාර් මහත්තයාගේ තාප්පෙ හදන්න ඕන හජ්ජියාර් මහත්තයාට ඕන විදියට. අපේ ලංකාවටත් වෙලා තියෙන්නේ ඕකම තමයි. 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024