ලැස්කෝ ගුහා සිතුවම් ​පිළිබඳ ගවේෂණ​ය

  • Home
  • /
  • Blog
  • /
  • ලැස්කෝ ගුහා සිතුවම් ​පිළිබඳ ගවේෂණ​ය

ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් අතරින් ලැස්කෝ ගුහා සිතුවම් පිළිබඳව ගවේෂණය කිරීමේදී වර්තමානයේ පිළිගත් චිත්‍ර කලාව පිළිබඳ කලා ලක්ෂණ ගැබ් වී ඇති අයුරු වැදගත් වේ. ලැස්කෝ ගුහාවේ සිතුවම් හි කලාත්මක ලක්ෂණ, වර්ණ සැකසීම හා වර්ණ හැසිරවීම, රේඛාකරණය, ද්විමාන ලක්ෂණ දැක්වීම, ත්‍රිමාණ ලක්ෂණ දැක්වීම, සම්පිණ්ඩණය සහ පරිමානුකූල බව ස්වභාවිකවාදී සහ නිවැරදි සත්ව ඉරියව් සහ සජීවී බව යන කරුණු මෙම සිතුවම් තුළින් විද්‍යාමාන වේ. මෙම කරුණු සිතුවම් මගින් ප්‍රකාශ වීමේදී ඔවුන්ටම ආවේනික ආවේණික ආකාරයට නිරූපණය කර තිබීම ද විශේෂතාවයකි.

එකල සිතුවම් ඇඳි මානවයා විසින් වර්තමානයේ පිළිගත් චිත්‍ර කලා ලක්ෂණ යම් තාක් දුරකට මෙම ගුහා සිතුවම් වලට ද ආරෝපණය කිරීමට තරම් දැනුමක් තිබී ඇති බව කලා කෘති අධ්‍යයනයේ දී තහවුරු වේ.එලෙස යොදාගත් ශිල්ප ක්‍රම හෙවත් කලාත්මක ලක්ෂණ ලෙස, සත්ව රූප ඇඳීමේ දී නිසි පරිමාණ හැඩ පිළිබඳව මෙන්ම කාය විච්ඡේදනය පිළිබඳ දැනුම. (ලියනාඩෝ ඩාවින්චි වැනි පුනරුද ශිල්පීන් තුළ පැවති මිනිස් සිරුරු අධ්‍යනයේ දී පැවති දැනුම ඒ අයුරින්ම)

සත්වයන් තුළ පැවැති විවිධ හැඟීම් (රෞද්‍ර, ගුප්ත ආදී වශයෙන්) ඉරියව්, ශරීර අංග ලක්ෂණ තුලින් දැක්වීම.  වර්ණ භාවිතය රේඛා භාවිතය එළිය අඳුර විමාන බව සජීවි බව ස්වභාවය ස්වභාවිකවාදී බව ආදිය දැක්වීමට උත්සාහ කිරීම.යනාදිය පෙන්වා දිය හැකි ය. ගුහා බිත්ති තුළ සත්ව රූප සම්පිණ්ඩනය කිරීමේ මනා හැකියාවක් තිබූ බව එම සිතුවම් අධ්‍යයනයෙන් පැහැදිලි වේ. ගල් තලයේ ස්වභාවය අනුව සත්ව රූප ස්ථානගත කිරීම් සහ ගල්තලයේ හැඩරුවට ඔබින අයුරින් සත්ත්වයාගේ ඉරියව්ව හෝ ස්වාභාවික තත්ත්වය ආරෝපණය කිරීමට තිබූ හැකියාව ඒ අතරින් කැපී පෙනේ.නිදසුනක් වශයෙන් ගල් බිත්තියේ ඉදිරියට නෙරා ඇති ස්ථාන විශාල බයිසන් ගවයන් ගේ උදරය පෙදෙස ලෙසින් ගලපාගෙන ඇති අවස්ථා දැක්විය හැකි ය. එමෙන්ම රළු ගල් තලය සත්ත්ව ඇට  කැබලි යොදා ගෙන සිතුවම් ඇඳීමට සුදුසු ලෙසට සමතලා කර ගත් අවස්ථා ද වෙයි. 

මෙම සිතුවම් අතර රේඛා භාවිතයෙන් සත්ත්ව රූපය ඇඳීම බහුලව දැකිය හැකි වේ හැකි වේ. එසේ යොදාගත් රේඛාවේ ප්‍රකාශන ශක්තිය ඉතා ප්‍රබල වන අතර එයින් සත්ව රූපයට මනා ජීවයක් ලබා දෙයි. එමෙන්ම ප්‍රාග් මානවයාගේ කුසලතාව අපූරුවට ප්‍රදර්ශනය වන අවස්ථාවක් ලෙස ද ලෙසද එය සැලකිය හැකි ය. ලැස්කෝ සිත්තරා සිතුවම් නිර්මාණය සඳහා බහුල ලෙස ම යොදා ගත් කලාත්මක සහ ශිල්පීය කුසලතාව වන්නේ වර්ණ ගැන්වීම යි. මේ සඳහා සීමිත වර්ණ පද්ධතියක් යොදා ගෙන තිබේ ගෙන තිබේ. ඒ අතර රතු, කළු, දුඹුරු සහ දම් පැහැය කැපී පෙනේ. මෙම වර්ණ ඇඟිලි භාවිතයෙන් තැවරීම, සත්ව ලොව මගින් වර්ණ කිරීම සහ මුඛයට හෝ මැද සිදුර සහිත සත්ත්ව ඇට කැබලි වලින් හෝ සායම් පුරවා ඒවා රූපය මතට විඳීමෙන් වර්ණ කිරීම යන ක්‍රම කිහිපය ම යොදාගෙන ඇති බවට අදහස් ඉදිරිපත් වී ඇත. බොහෝ සිතුවම් වල වර්ණ පදාස යොදා තිබීම ද, වර්ණ සංකලණය වීම ද, සතුන්ගේ ස්වාභාවික වර්ණ ඉස්මතු වීම ද සාර්ථක සාර්ථකව සිදු වී තිබේ. ඇතැම් බයිසන් ගවයන් ගේ ස්වාභාවික වර්ණය වන රතු සහ කළු වර්ණ පැහැදිලි වන ලෙස වර්ණ පදාස ලෙසින් යොදාගෙන තිබෙන අතර සමහර ගවයන්ගේ රූපවල යොදාගත් වර්ණ දෙක එකට මිශ්‍ර වී ත්‍රිමාණ ලක්ෂණ ඉස්මතු වූ අවස්ථාවන් ද බහුලව දැකිය හැකිය.

ලැස්කෝ සිතුවම් අතර ගල් බිත්තිය හාරා සත්ව රූප නිර්මාණය කර පසුව පූර්ණය කරන ලද සිතුවම් ද වේ. නිශ්චිත ලෙස අවතල හැඩ මතු කරමින් ඒ මත වර්ණ ආලේප කිරීමේ කුසලතාවය මගින් කලාත්මක ලක්ෂණ මතු කර දැක්වීම ඉන් සිදු වී ඇත. ලැස්කෝ ගුහා සිතුවම් වල සිතුවම් වල දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ සතුන්ගේ නිවැරදි ඉරියව් සහ පරිමාණය දැක්වීම යි. සිතුවම් කර ඇති බොහෝ රූප අඩි 5 සිට අඩි 17 තෙක් විශාල ය. නිවැරදි සත්ත්ව ලක්ෂණ සහ පරිමාණ ලක්ෂණ රැකෙන අයුරින් ඒවා නිර්මාණය කර තිබේ. සෑම සතෙකුම ඉතා හොඳින් හඳුනා ගත හැකි ආකාරයට ඔවුන්ගේ විස්තර දක්වා තිබේ. එමෙන්ම රූපයක් පසුපසින් තවත් රූප දැක්වීම මෙන්ම පසුපස කකුල් දැක්වීම වෙතින් අක්ෂි ගෝචර නිරීක්ෂණය (Optical observation) පිළිබඳ සාක්ෂි ඉදිරිපත් ව ඇත. ලැස්කෝ ගුහාවේ අඩි 17ක් දිග ගව රූපය ඉහත කලාත්මක ලක්ෂණ විමසීමේ දී පැහැදිලි වන්නේ ලැස්කෝ ගුහාවේ සිතුවම් ඇදි මානවයා සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පමණක් භාවිතා කරමින් වර්තමානයේ පිළිගත් කලා රීතීන් අනුව යමින් නිවැරදි කාය විච්ඡේදන ලක්ෂණ යොදා ගනිමින් සාර්ථකව සිතුවම් ඇඳ ඇති බවයි. සත්ව රූප ඇඳීමේදී නිවැරදි ඉරියව්, පරිමාණයන්, ත්‍රිමාණ බව වැනි කලා ලක්ෂණ යොදා ගැනීම පිළිබඳ දැනුම මොවුනට තම ජීවන රටාව ආශ්‍රයෙන් ලැබුණා යැයි නිගමනය කළ හැකි ය.එනම් සතුන් සමග විශේෂ සම්බන්ධතාවයක් පැවති එකල මානවයා දඩයම ඔවුන්ගේ ප්‍රධානතම ආහාර රැස් කිරීමේ මාර්ගය වූ අතර එහිදී සතුන්ගේ හැසිරීම් රටා, අංගචලන, ශක්තිමත් හා දුර්වල ස්ථාන, මාංශ පේශි වල ස්වභාවය වැනි පුළුල් දැනුමකින් හෙබි වූවන් විය.එමඟින් ඔවුන්ට මෙම සතුන්ගේ කාය විච්ඡේදනය පිළිබඳ දැනුම ලැබුණා යැයි විය හැකි ය. කෙසේ නමුත් ස්වාභාවිකව සාදා ගත් සීමිත වර්ණ සමූහයක් පමණක් භාවිතා කරමින් ඇඟිල්ලෙන් ඇඳීම, සත්ත්ව කෙදි මගින් ඇඳීම හා සීරීමෙන් ඇඳීම වැනි අසීරු ඇඳීමේ ක්‍රම මඟින් ජීවමාන/සජීවී ස්වරූපයේ සත්ත්ව රූප සිතුවම් කිරීමට ගත් වෑයම අගය කළ යුතු ය. ප්‍රාග් ඓතිහාසික මානවයා තමා දුටු ස්වභාධර්මය අනිකාට ප්‍රකාශ කිරීම සඳහා යොදාගත් කලාත්මක සන්නොවේදනය වන්නේ මේ ගුහා චිත්‍රයි. ඒ තුලින් ගම්‍යමාන වන්නේ ඓතිහාසික යුගයේ සිට මානවයා දැනුවත් ව හෝ නොදැනුවත්ව සන්නිවේදනයේ යෙදුණු ආකාරය යි. 

 

රචනය – කේනුර ගීසර

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024