වසර ගණනකට පසු ජපානයේ තරඟකාරීම මැතිවරණයක්

  • Home
  • /
  • News
  • /
  • වසර ගණනකට පසු ජපානයේ තරඟකාරීම මැතිවරණයක්

ජපානයේ මහ මැතිවරණය ඊයේ (27) පැවැත්විණ.

ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශිගේරු ඉෂිබා තේරී පත් වී දින තුනකට පසුව හදිසි මහ මැතිවරණයක් පවත්වන බවට ඔහු නිවේදනය කළේය.මේ අනුව වසර ගණනාවකට පසු ජපානයේ පැවැත්වෙන තරගකාරීම මැතිවරණය මෙයවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් පවසා ඇත.

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට එල්ලවී ඇති දූෂණ චෝදනාවලට හා ජනප්‍රියත්වය පහළ බැසීමට නිසි පිළිතුරු ලබා දීමට නම් අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගත යුතුයි.විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට එරට විපක්ෂ කණ්ඩායම් මැතිවරණයට දුර්වල පෙරමුණකින් තරග කරන බවට ප්‍රකාශ කර ඇත.

ඒ හේතුවෙන් ෂිගේරු ඉෂිබාගේ නායකත්වයෙන් යුතු ලිබරල් ඩිමොක්‍රොටික් පක්ෂය ජපාන පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළකර ඇති නමුත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ බලය ඔවුන්ට අහිමිවනු ඇති බවට සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

මැතිවරණයට අපේක්ෂකයින් 1,344 දෙනෙකු ඉදිරිපත්වී සිටින අතර ඉන් 314 දෙනෙකු කාන්තාවන් වේ.

Don't forget to share this post!

Recent Posts

28b525ddffc6798d60033e3428186253
November 1, 2024