ශ්‍රී ලංකාව සහ එමිරේට්ස් අතර යෝජිත අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධන සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් වූ සාකච්ඡා සාර්ථකව අවසන් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර යෝජිත අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුම අවසන් කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජිතයන් පසුගිය ජනවාරි 27 සිට 29 දක්වා කොළඹ දී රැස් වී තිබේ.
යෝජිත ගිවිසුම පිළිබඳව එකඟතාවකට පැමිණීමට මිත්‍රශීලී, සහයෝගී සහ ඵලදායී ආකාරයෙන් සාකච්ඡා පැවැති අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නියෝජ්‍ය නීති උපදේශක තිලානි සිල්වා මහත්මිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් අමාත්‍යාංශයේ ආර්ථික විශේෂඥ ආචාර්ය හමීඩ් නස්ර් අබ්දුල් කදීර් මහතා ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජිත කණ්ඩායම්වල ප්‍රධානත්වය උසුලා තිබේ. ඉදිරියේ දී එම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව සඳහන් ය.