ශ්‍රී ලංකා 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අදයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අදයි.

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම අද (21) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00ට ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුලසුනට පැමිණ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00ට ඉදිරිපත් කිරීමට නියමිතය. 

පාර්ලිමේන්තු සමාරම්භක උත්සවයේ කටයුතු ඉතා චාම් අයුරින් සිදුකරන ලෙස රජයෙන් උපදෙස් ලැබී ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමේ පළමු කටයුත්ත වන්නේ කතානායකවරයා පත්කර ගැනීම බවත්, කතානායක ධුරය සදහා කිහිප දෙනෙක් ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් පවත්වන බවද,ඒ සදහා සියලු කටයුතු සූදානම් බවද සඳහන් කළේය. 

දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා සහභාගීවීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා අද (20) පෙ.ව 9.00 පමණ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය දැනුම් දී ඇත. 

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025