මෙල්බර්න් හි Autumn සුන්දරත්වය නැරඹිය හැකි හොදම ස්ථාන

  • Home
  • /
  • Blog
  • /
  • මෙල්බර්න් හි Autumn සුන්දරත්වය නැරඹිය හැකි හොදම ස්ථාන

මේරිස්විල්  ගම්මානය (Marysville Main Village)

මෙල්බර්න් සිට මිනිත්තු 90ක පමණ දුරකින් පිහිටා ඇති මේරිස් විල්, වෛවර්ණයෙන් ගැවසි ගත් සරත් සමයේ චමත්කාරය විඳීමට ඇති ස්ථාන අතරින් ප්‍රමුඛස්ථානය ගනු ලබනවා. යාරා කඳු වළල්ලෙන් වට වූ සුන්දර හරිත වනාන්තර, දිය ඇළි සහ වන සතුන්ගෙන් සශ්‍රීක ප්‍රදේශයක් වන මේරිස්විල්, වික්ටොරියාහි උසම දිය ඇල්ල වන ස්ටීවන්සන් දිය ඇල්ල මෙන්ම මීටර 85ක් උසැති යෝධ ශාකය වෙනුවෙන්ද ප්‍රසිද්ධියක් උසුලයි.

ඩැන්ඩිනොන් ජාතික වනෝද්‍යානය (Dandenong ranges national park)

මෙල්බ‍ර්න් වල සිට නැගෙනහිර දෙසට කිලෝමීටර 35ක් පමණ දුරකින් පිහිටා ඇති මෙම කඳු පන්තිය උද්‍යාන 7 කින් සමන්විත වේ. ඩැන්ඩිනොන් උද්භිද උද්‍යානය, ඇල්ෆ්‍රඩ් නිකොලාස් උද්‍යානය සහ ජෝර්ජ් ටින්ඩේල් අනුස්මරණ උද්‍යානය මේ අතරින් ප්‍රධාන ස්ථානයක් උසුලනු ලබනවා. වඩාත් වැදගත් කරුණ වන්නේ ඩැන්ඩිනොන් උයන වසර පුරාවටම ඇතුල්වීම නොමිලේ වීමයි. ඔලින්ඩා සහ ෂ‍ර්බෘක් දිය ඇළි වෙත පියනගිමින් අවටින් දිස්වන මෙල්බ‍ර්න් සහ යාරා නිම්නයේ සිත්කලු දසුන් නැරඹීමට ද ඔබට හැකියාව ලැබේ. කෙසේ වෙතත් මෙම උද්‍යානය වෙත බල්ලන් ගෙන ඒම සඳහා නම් අවසර නැත.

වික්ටෝරියාහි රාජකීය උද්භිද උද්‍යානය (Royal Botanical Gardens Victoria)

නගරයට ආවේණික වූ කාර්යබහුලත්වයෙන් මිදුණු, සරත් ‍යාමය විඳීමට ප්‍රිය කරන්නන්ගේ ප්‍රියතම ගමනාන්තයක් බවට, නිස්කලංක පාරාදීසයක සැඟවී ගත් වික්ටෝරිහි පිහිටි රාජකීය උද්‍යානය පත්ව ඇත. ශාක විශේෂ 8500 කට අධික සංඛ්‍යාවකින් යුක්ත වීම, සෙන් උද්‍යාන වලින් යුක්ත වීම මෙන්ම හාත්පස පැතිරුණු තණබිම් නිසා මෙම උයන සොබාදහමට ප්‍රිය කරන්නන්ගේ වාසස්ථානයක් ව ඇත. රාත්‍රී අහස නැරඹීමේ වැඩසටහන්, විද්‍යාත්මක සම්මන්ත්‍රණ මෙන්ම ඇබොරිජියනුවන්ගේ ඉතිහාසය රැගත් සංචාර සඳහා ද සහභාහි වීමට ඔබට අවස්ථාව ලැබේ.

ආතර්ස් සීට් රාජ්‍ය උද්‍යානය (Arthurs Seat State Park)

මීටර 314ක් උසින් පිහිටා ඇති මෝර්නින්ටන් පෙනිසියුලාහි උසම ස්ථානය වශයෙන් සැලකෙන, ආතර්ස් සීට්හි සිට මෙල්බර්න් අහසෙහි අසිරිය නැරඹීම ට නම් ඔබ ආතර් සීට් රාජ්‍ය උද්‍යානය වෙත පැමිණිය යුතුමය. මෙල්බර්න් හි සිට පැයකුත් විනාඩි 15ක දුරින් පිහිටා ඇති කඳු මුදුන වෙත ළඟා වීම සඳහා මාර්ග කිහිපයක්ම ඇති අතර එවායෙහි දුෂ්කරතාවයන් එකිනෙකට වෙනස් ය. මැයි මාසය අවසන් වන තෙක් ම රත් පැහැ වර්ණයෙන් බබලන සීවින්ඩ් උද්‍යානය එහි ඇති අඹන ලද නිර්මාණ නිසාම සංචාරක ආකර්ෂණය නොමඳව දිනා ගනු ලබයි.

බුචාන් ගුහා (Buchan Caves)

පුරාවිද්‍යාඥයන්ට අනුව ඩෙවෝනියන් යුගයට අයත් මෙම ගුහා අවුරුදු මිලියන 300කට වඩා පැරැණිය. පොසිලකරණය වූ සතුන්, මුහුදු ජීවීන් සහ මුහුදේ සිට එන කොරල්, ස්තර වශයෙන් තැන්පත් වීමෙන් සෑදුණු හුණුගල් පාෂාණ, භූගත ගංගා නිසා සේදී යාම හේතුවෙන් මෙම ගුහා නිර්මාණය වී ඇත. ගුහාවේ සිවිලිමෙන් ගලා බසින ජලය හෝ ගුහා මාර්ග හරහා ගලා බසින ගංගා නිසා ස්ටැලැක්ටයිට්(ගුහාවක වහලයේ සිට පහළට එල්ලෙන ගල් කැබැලි), ස්ටැලග්මයිට්ස්(පොළොවේ සිට ඉහළට ඇදෙන ගල්කැබලි) සහ වෙනත් ගුහා ව්‍යුහයන් නිර්මාණය වේ. වර්තමානය වන විට රාජකීය ගුහාවේ කැල්සයිට්-රිම් සහිත තටාක සහ බුචාන් ගුහා රක්ෂිතය සෑදී ඇති ෆේරි ගුහාවේ ඇදහිය නොහැකි ස්ටැලැක්ටයිට් සහ ස්ටැලග්මයිට් ඉතා සමීපව නැරඹිය හැකිය. මෙම ගුහා අවට ඇති නිම්නය විශාල යුරෝපීය ගස් වලින් පිරී ඇති අතර එය සරත් සෘතුවේ දී ලබාදෙන ආශ්වාදනීය දර්ශනයන් නිසා නැරඹිය යුතුම ස්ථාන අතරට මෙය එක් විය යුතුමය. 

සන්නස | කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024