සුන්දර Victoria ප්‍රාන්තයේ සුන්දරත්වය විඳින්න ඔබ යා යුතුම ස්ථා​න 5ක්

  • Home
  • /
  • Blog
  • /
  • සුන්දර Victoria ප්‍රාන්තයේ සුන්දරත්වය විඳින්න ඔබ යා යුතුම ස්ථා​න 5ක්

ඔබ Victoria ප්‍රාන්තයේ කොතනක සිටියත් මීදුම සහිත ඇල්පයින් වනාන්තර සහ යෝධ ගස් පර්ණාංග අතරින් Victoriaහි චමත්කාරය විඳීමට සාමාන්‍යයෙන් වැඩි වේලාවක්  ගතවන්නේ නැත. ඔබේ ප්‍රියතම සපත්තු කුට්ටමත් සමඟම නගර මධ්‍යයේ සිට පැය කිහිපයක පමණ දුරකින් පිහිටා ඇති හොඳම තැන් කිහිපයක් වෙත යාමට සැරසෙන්න.

Point Nepean Walk | Mornington Peninsula

එක් පැත්තකින් Bass Straight සහ අනෙක් පැත්තෙන් Port Philip Bay වලින් වටවූ, Point Nepean වෙරළ තීරය මෝනිංටන් අර්ධද්වීපයේ කෙළවර ගවේෂණය කිරීමට විශිෂ්ට මාර්ගයකි. Cheviot වෙරළ හරහා ගමන් කරන ඔබට වික්ටෝරියා හි පැරණිතම හුණුගල් ගොඩනැඟිලිවලින් එකක් වන Shepherd Hut මෙන්ම නේපීන් කොටුවේ ගරාවැටුණු නටබුන් පසු කර යාමට අවස්ථාව ලැබේ. ඇන්ටාර්ක්ටිකාවේ සිට වේගයෙන් හමා එන නිරිත දිග සුළං, බාස් සමුද්‍ර සන්ද්‍රිය ගලවාගෙන යන තරමේ වේගයකින් පැමිණෙන බැවින් විමසිල්ලෙන් පසු වීම නුවණට හුරු ය.

Toorongo Falls Circuit Walk | West Gippsland

බොහෝ මෙල්බර්නුවන් Triplet සහ Erskine දිය ඇළි ගැන අසා ඇත. නමුත් West Gippsland හි Toorongo දිය ඇල්ල තරණය කර ඇති බොහෝ දෙනෙක් ඔබට සොයා ගත නොහැක. නගරයෙන් පැය දෙකක පමණ දුරින්, Noojee නගරයට උතුරින් පාළුවට ගිය මෙම කුඩා චාරිකා මාර්ගය ඔබට හමුවනු ඇත. මෙය දිවා චාරිකාවක් ලෙස පහසුවෙන් අවසන් කළ හැකි නමුත් Toorongo Falls කඳවුරු පිටියෙහි එක රැයක් රැඳී සිටීම බොහෝ දෙනා නිර්දේශ කරනු ලබනවා.Toorongo Falls Circuit Walk හි Toorongo සහ Amphitheatre යනුවෙන් දිය ඇලි දෙකක් පවතීන අතර කඳවුරු භූමිය අසලින් ආරම්භ වන මාවත ගඟ දිගේ පහළට කිලෝමීටර 2.2 ක් පමණ ව්‍යාප්තව පවතී. විනාඩි 90 ක් පමණ ගත වන විට පහසුවෙන් ඇවිදීම අවසන් කළ හැක.

Bushrangers Bay Walking Trail | Mornington Peninsula

Bushrangers Bay සෑම විටම මෙල්බර්න් හි ප්‍රියතම day hikes සඳහා තෝරාගනු ලබන ගමනාන්ත අතරින් එකක් වන අතර එය නගරයෙන් දකුණට පැයක පමණ ගමනක් වේ. පැන ගිය වරදකරුවන් දෙදෙනෙකුගේ නමින් නම් කර ඇති බොරළු වැලි වලින් සමන්විත පටු තීරුවක් වන Bushrangers Bay අඳුරු බැසෝල්ට් කඳු වලින් වට වූ පාෂාණ තටාක වලින් යුක්ත ය. Bushrangers හි පිහිනීම නීති විරෝධී නොවන නමුත් එය ඉතා භයානක විය හැකිය. කේප් ෂැන්ක් රථගාලේ සිට කිලෝමීටර් 6 ක් දක්වා දිගට කඳු බෑවුම් අතරින් දිවෙන Bushrangers Bay ඇවිදීමේ මාවත වික්ටෝරියා ප්‍රාන්තයේ හොඳම වෙරළබඩ දර්ශනයන් ඔබට ලබා දෙයි. කේප් ෂැන්ක් ප්‍රදීපාගාරය, ප්‍රධාන ගංගාව, පාෂාණමය, සුළං සහිත වෙරළ තීරයන් සහ සෙවන සහිත බෑන්සියා ගස් වතු අතර රැඳෙමින් අමතක නොවන මතක‍යන් ගොන්නක් පොඳි බැඳ ගැනීමට ඔබට හැකිය.

Den Of Nargun Circuit Walk | East Gippsland

නර්ගුන් ගුහාව මෙල්බර්න් සිට මඳක් දුරින් පිහිටා තිබුණද (පැය තුනකට වඩා වැඩි කාලයක්), එය hikers  ල අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයකි. එය මිචෙල් ගංගා ජාතික වනෝද්‍යානය හරහා කිලෝමීටර් 5 ක් දිවෙන සුන්දර සංවෘත වනාන්තර මාර්ගයකි.  මෙම මුළු ප්‍රදේශයම Gunaikurnai ජනයාගේ සංස්කෘතිය හා ඉතිහාසය ගවේෂණය කරනු ලබන Bataluk cultural trail හි කොටසක් ලෙස පවතී. පැය එකහමාරක පමණ ගමනක් වන මෙය පාසිවලින් වැසී ගිය ගල්, කුඩා ගංගා සහ දිය ඇලි පසුකර යාමට සිදුවන ප්‍රපාතාකාර මාවත් වලින් යුක්තය. නර්ගුන් හා බැඳුණු ප්‍රවාද කතාව වන්නේ “අඩක් මනුෂ්‍යයෙකු සහ අඩක් ගල්වලින් යුත් දරුණු සත්වයෙකු වාසය කළ ගුහාවක්” යන්නයි. හරි අඩක් දුර ගමන් කරන විට කුඩා ජල වළකට ඔබ්බෙන් ඇති ගුහාව දැක ගැනීමට හැකි නමුත් එය තුළට ගමන් නොකරන ලෙස උපදෙස් දී ඇත. 

Ironbark Basin Walk | Great Ocean Road

Ironbark Basin Walk, Bells Beach හි නිරිත දිග කෙළවරේ සිට Point Addis දක්වා දිවෙන අතර, Jarosite Minine සහ Point Addis Marine ජාතික උද්‍යානයෙන් වටව රට අභ්‍යන්තරයට යොමුව පවතී. Point Addis හි රථගාලෙන් ආරම්භ කර වෙරළ දිගේ නැගෙනහිර දෙසට ගමන් කරන ඔබට වෙරළ තීරය දක්වා දිවෙන අතුගංගා ද්‍රෝණියක දසුන් දක්නට ලැබෙන අතර ඔබ වාසනාවන්ත නම්, ඔබට වෙරළ තීරය දිගට ගැවසෙන echidnas කිහිපදෙනෙකුද දැක ගැනීමට හැකියාව ලැබේ. වෙහෙසකර නොවන මෘදු බෑවුමකින් යුක්ත Ironbark හි ස්වදේශික පක්ෂි ජීවීන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් සුනඛයින් රැගෙන යාම සඳහා නම් අවසර නැත. 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024