සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීගේ ශුද්ධ වත්කම අනාවරණය කරයි.

  • Home
  • /
  • Blog
  • /
  • සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීගේ ශුද්ධ වත්කම අනාවරණය කරයි.

ලෝක පාපන්දු කිරුළ දිනූ ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 650 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 19000ක්) පමණ වෙතැයි වාර්තා වේ.ස්පාඤ්ඤ කොටස් හුවමාරුවක මෙසීගේ සමාගමට අයිති දේපළ ලැයිස්තුගත කොට ඇති අතර, එහි තරු පහේ හෝටල් 7ක්, සාප්පු සංකීර්ණ 3ක්, ස්පාඤ්ඤයේ මහල් නිවාස 5ක් මෙන්ම ලන්ඩන් සහ පැරිසියේ මහල් නිවාස ඇති බව ලේඛන උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 

මෙයට අමතරව බාර්සිලෝනා නගරයෙන් පිටත කැස්ටල්ඩෙෆෙල්ස් හි වෙරළබඩ මන්දිරයක් ඇතුළු සුඛෝපභෝගී නිවාස ඇතැයි සඳහන් වේ.ඔහු සතු කෝටි ගණන් වාහනවලට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වටිනා ගල්ෆ්ස්ට්‍රීම් නම් වූ පුද්ගලික ජෙට් යානයක් ද ඇත. පැයට කිලෝමීටර් 940 දක්වා වේගයකින් පියාසර කිරීමට හැකි මගී ආසන 16ක් සහිත මේ පුද්ගලික ගුවන් යානයේ මුළුතැන්ගෙයක් සහ නාන කාමර දෙකක්ද ඇත.

ස්පාඤ්ඤ බැංකුව විසින් අධීක්‍ෂණය කරන ලද විකල්ප වෙළඳපොළක් වන පෝර්ට්ෆොලියෝ කොටස් හුවමාරු වෙළෙඳපොළ (Portfolio Stock Exchange) අනුව මෙසීගේ සමාගමේ කොටසක වටිනාකම අමෙරිකානු ඩොලර් 60ක් (ශ්‍රී ලංකා රුපියල් 17538ක්) වන අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 232.12ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6785ක) වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට පරිවර්තනය වූ බව රොයිටර් වාර්තා කළේය.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025