හඬ නොඇසෙන මහා සංගීතවේදියා

  • Home
  • /
  • Art
  • /
  • හඬ නොඇසෙන මහා සංගීතවේදියා

නාදය ආහත අනාහත යනුවෙන් කොටස් දෙකකට බෙදෙන බව අප මුලින්ම හදාරනු ලැබුවේ පාසලේ සංගීත පාඩමේදීය. අනාහත නාදය පිලිබඳ හැඳින්වීම ඉතාමත් ගැඹුරු සංකීර්ණ  එකක් වුවද එය කණට නොඇසී සිතින් විඳ ගතහැකි ශබ්දයක් ලෙස දලවශයෙන් සිතා ගත්තාට වරදක් නැත. කිසිදා තම දෙසවන් වලින් ශබ්දයක් නොඇසූ පුද්ගලයෙකුට වුවද අනාහත නාදය අත්  විඳිය හැකි බැව් එක්තරා ප්‍රසංගයකදී මට තේරුම් ගියේය. මෙම ප්‍රසංගයේ ගායන වාදන ඉදිරිපත් කලේ සම්පුර්ණයෙන්ම දෙනෙත් අන්ධ දරුවන් සමුහයක් විසිනි. එම තාලයට නැටුම් ඉදිරිපත් කලේ සම්පුර්ණයෙන්ම දෙසවන් බිහිරි දරුවෝය. අනාහත නාද රටා ඔස්සේ ඔවුහු  දෑත දෙපා සහ සිරුර නිවැරදිව මෙහෙයවන්නට සමත්වූහ.එහෙත් ජීවිතයේ අතරමගදී සවන් අක්‍රිය වූ තැනැත්තෙකුට තමන් මුලදී ඇසූ පිරූ නාද රටාවන්ගේ මතකයන් ඔස්සේ යමකට සවන් දියහැක.

 කවුද මේ බීතෝවන්?

1770 වසරේ දෙසැම්බර් මස 16 වනදා ජර්මනියේ උපත ලද  බීතෝවන් පවුලේ වැඩිමහල් දරුවාය. බීතොවන්ගේ පියා සංගීතවේදියෙක් වූ නිසාම ඔහු කුඩා කාලයේම කී බෝඩ් හා වයලීන වාදනයේ දක්ෂයෙකු විය. මෙයට ඔහුගේ සහජ දක්ෂතාවයද එකතුවුණා යයි කීම තවත් නිවැරදියි.

වයස අවුරුදු 12 වනවිට ඔහු  වාදනයේ අති දක්ෂයෙක් වන අතර ඔහුගේම සංගීත නිර්මාණද එළිදක්වන්නට සමත් වුනා.බොන් හි රජ මාලිගාවේ ප්‍රධාන සංගීත ශිල්පියෙකුව සිටි Christian Gottlob Neefe නම් සංගීත වේදියා යටතේ තවදුරටත්  පුහුණු වන බීතෝවන් වයස අවුරුදු 13 වනවිට  පියානෝ යොදාගෙන සංගීත නිර්මාණයක් එළිදැක්වුවා.

වයස 17 දී බීතෝවන්ට එවකට ඔස්ට්‍රියාවේ ජීවත්වූ ලෝක පුජිත සංගීත වේදියෙකු වන මොසාර්ට් යටතේ සංගීතය හැදෑරීමට අවස්ථාව ලැබුණත් මව් අසනීපවීම නිසා නැවතත් නිවස කරා එන්නට සිදුවුණා. කල් නොගොස් මව අභාවයට පත්වූ අතර ඉන් පසු වසර පහක් තම සහෝදරයින් රැකබලා ගනිමින් නිවසට වී සිටින්නට වුනේ ඔහු පවුලේ වැඩිමලා වීමේ හේතුවෙන්. සහෝදරයින් ලොකු මහත්වීමෙන් අනතුරුව ඔහු යලිත් මොසාට්ගෙන් සංගීතය හැදෑරීමට වියානා බලා පිටත් වුණා.

දෙසවන් අක්‍රිය වීම

අවුරුදු 26 ක් වන විට ඔහුගේ කන් ඇසීම ක්‍රමයෙන් අඩුවී ගිය නිසා ශ්‍රවනාධාර භාවිතයෙන් තම වැඩ කටයුතු කරගෙන ගියත් අවුරුදු 46 වනවිට ඔහුගේ කන් ඇසීම නැත්තටම නැති වුණා. මේ හේතුව නිසා කළකිරීමට පත්වුණ ඔහු විටෙක සිය දිවි හානි කරගන්නට තැත් කලා. ඉන් පසු ඔහු අදහස් හුවමාරු ගත්තේ කඩදාසි හරහා.

කන් ඇසීම අහිමි වුන ඔහු මුල් යුගයේ සවන් දුන් සංගීත ස්වර වල අනාහත නාදයන් ඔස්සේ සිත මෙහෙයවමින් පියානෝව හරහා නිර්මාණ කරන්නට යෙදුණා.

බිඳුණ හදවතක කඳුලක ස්වරය  

වයස අවුරුදු 30 ක් පමණ වෙද්දී සංගීත සංධ්වනි කිහිපයක් පවත්වා ජනප්‍රියව සිටි බීතෝවන් වෙතට වංශවත් හංගේරියානු කාන්තාවක් තම රූමත්  දියණිය වන ජොසපින්ට පියානෝ  සංගීතය උගන්වන ලෙස භාර කරනවා.නොබෝ දිනකින්ම බීතෝවන් සහ ජොසපින් අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැගෙන අතර වැඩිකල් නොගොස් මෙය ජෝසපින්ගේ මෑණියන්ට දැනගන්නට ලැබෙනවා. වංශවත් පවුල් පසුබිමක් නොතිබූ බීතොවන්ට තම දියණිය පාවා දෙන්නට දැඩිසේ අකමැතිවූ ජෝසපින්ගේ මෑණියන් ඇය වහාම  වංශවත් තරුණයෙකුට සරණ පාවදෙනු ලබනවා. ඉන් පසු තම ශිෂ්‍යාවක වූ ජූලි ගිසියාඩි සමඟ පෙම් සබඳතාවක් ඇති කරගන්නා බීතෝවන්ගේ සිතට එය අමුතුම මිහිරියාවක් ගෙන දුන්නා. වැඩිකල් නොගොස්ම එයටද වංශය හරස්වී ඇය වෙනත් තරුණයෙකුට පාවා දෙන්නට ඇගේ දෙමාපියන් කටයුතු කළා. අතිශය මානසික බිඳ වැටීමකට ලක්වූ බීතෝවන් තම මනස යතාවත් කර  ගැනීමට සඳ එළිය( Moon Light ) නම් අපුර්ව සංගීත නිර්මාණයක් කොට එය ජූලිගේ නමට පුද කළා. මෙම නිර්මාණය ලෝකයේ අතිශය විශිෂ්ට සංගීත සංධ්වනියක් බවට පත්වුණා.

විශිෂ්ට සංගීත රචනාවන් 

වයස අවුරුදු 30 දී ඔහු ඉදිරිපත් කල අවාරය ( Septate ) නම් වූ සංගීත රචනාව ලෝකයේ ඉතා ජනප්‍රිය ප්‍රබන්ධයක්.නැපෝලියන් අධිරාජයා වෙනුවෙන් කල නැපෝලියන් සංධ්වනිය ඉතාමත් ජනප්‍රිය වූ එකක්. එහෙත් අධිරාජයාගේ කෲර සාහසික ක්‍රියාවන් නිසා ඉන් නැපෝලියන් නම ඉවත් කර එය නිදහස් සංධ්වනිය ලෙසට බීතෝවන් විසින් නම් කරනු ලැබුවා. ජර්මන් කවියෙකු වූ ෆෙඩ්රික් ශිලර්ගේ නිදහස නමැති කාව්‍ය ආශ්‍රය කොට තැනූ  ඔහුගේ නවවන සංධ්වනිය බීතෝවන්ගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සලකනු ලබනවා. ඔහු ඉදිරිපත් කල මෙම සංධ්වනිය ඔහුට අසන්නට ලැබෙන්නේ නැහැ. මන්ද ඒ වනවිට ඔහු සම්පුර්ණයෙන්ම බිහිරි බවට පත්ව සිටි නිසා.

සමු ගැනීම 

මත්පැන් පානය කිරීමට ඇබ්බැහිවී සිටි බීතෝවන් සිරෝසීස් රෝගයෙන් පෙළෙන්නට වුණා. මරණාසන්න මොහොතේ වයින් බෝතල පිරවූ මල්ලක් රැගෙන පැමිණි ඔහුගේ මිතුරෙකුට “ඔබ පමා වැඩියි මිත්‍රයා” යැයි කිවූ බව සඳහන්. අවුරුදු පනස් හයක් ආයු විඳ මේ ලෝකයේ සංගීත ක්ෂේත්‍රයේ නොයෙකුත් පරිණාමයන් සිදු කරමින් ගතකල මේ විශිෂ්ට මනුෂ්‍යයා 1826 මාර්තු 26 දින ලොවට සමු දුන්නා.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024