මකුළුවන්ට බය Arachnophobes ලාට තවත් එක නිදි නැති රාත්‍රියක් තෑගි කරන්න නියම පුවතක් විද්‍යා ලෝකයෙන් වාර්තා වෙනවා. බහුලවම නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ගෙවල් අස්සේ, ශීතකරණ අයිනේ නිතරම දකින්න ලැබෙන, දැක්කමත් ඇඟ කිලිපොලා යන Huntsman මකුළුවා තමයි දැන් නිල නොවන මට්ටමින් ලෝකයේ වේගවත්ම මකුළුවා විදිහට කිරුළු පළඳින්නේ.
මෑතකදී බ්‍රිතාන්‍යයේ සහ ජර්මනියේ විද්‍යාඥයන් පිරිසක් එකතු වෙලා ලෝකය පුරා ඉන්න මකුළු විශේෂ 250කට වඩා වැඩි ප්රමාණයකගේ දුවන වේගය මැනලා සුපිරි race එකක් තිබ්බා. අන්න ඒ race එකෙන් අනිත් හැමෝවම පරද්දලා පළවෙනි තැන ගත්තේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ජීවත් වෙන Brown Huntsman කියන මකුළු විශේෂයයි.
තත්පරයට මීටර් 3.6ක්!
ඒ කියන්නේ කොච්චර වේගයක්ද? මේ Huntsman මකුළුවා උපරිම වේගයෙන් දුවද්දී තත්පරයකට මීටර් 3.59ක (පැයට කිලෝමීටර් 13ක විතර) උපරිම වේගයක් වාර්තා කරලා තියෙනවා. සරලවම පැහැදිලි කළොත්, සාමාන්‍ය මනුස්සයෙක් හෙමින් Jogging යන වේගයට වඩා මේ මකුළුවා දුවන වේගය වැඩියි! මේ මකුළුවා අපේ මිනිස් ප්‍රමාණයට ලොකු වුණොත්, පාරේ යන වාහනයක් පරද්දලා දුවන්න තරම් මාරම වේගයක් මුන්ට තියෙනවා.
කලින් ලෝක වාර්තාව තියාගෙන හිටපු මොරොක්කෝවේ ‘Flic-flac’ මකුළුවාගේ වේගය වුණේ තත්පරයට මීටර් 1.7ක් විතරයි. ඉතින් Huntsman ඌව උඩින්ම පරද්දලා තියෙනවා.
ඇයි මුන් මේ තරම් වේගයෙන් දුවන්නේ? The Science Behind It
විද්‍යාඥයන් කියන විදිහට මේ මකුළුවන්ගේ වේගයට ප්‍රධානම හේතුව තමයි උන්ගේ දිගු සහ ශක්තිමත් කකුල්. බොහෝ දෙනෙක් හිතුවේ ඇඟ කෙට්ටු, කකුල් සිහින් මකුළුවන් වේගවත් ඇති කියලා වුණත්, මේ පර්යේෂණයෙන් ඔප්පු වුණේ මහත, දිගු කකුල් තියෙන මකුළුවන් එක පිම්මට ලොකු ඉඩක් පසු කරන නිසා උන්ගේ වේගය උපරිම වෙනවා කියලයි.
තවත් පට්ටම රහසක් තියෙනවා. මකුළුවන් දුවන්නේ අපි වගේ නිකන්ම මස්පිඬු හෙවත් Muscles පාවිච්චි කරලා විතරක් නෙවෙයි. උන් කකුල් නමන්න මස්පිඬු පාවිච්චි කරද්දී, කකුල් දිග හරින්නේ උන්ගේ ඇඟ ඇතුළේ තියෙන Hydraulic pressure පාවිච්චි කරලයි. හරියට නිකන් පොඩි මැෂින් එකක් වැඩ කරනවා වගේ.
හැබැයි බය වෙන්න එපා! Huntsman මකුළුවා මිනිස්සුන්ව හපන්නේ කලාතුරකින්. හැපුවත් ඒකෙන් ලොකු අනතුරක් වෙන්නේ නැහැ. උන් කරන්නේ ගෙවල් අස්සේ ඉන්න කැරපොත්තන්, කෘමීන් වගේ සත්තුන්ව දඩයම් කරලා අපේ ගෙවල් පිරිසිදුව තියන එකයි.
පර්යේෂණය කළේ කොහොමද?
විද්‍යාඥයන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් මකුළුවන් 160කට වඩා එකතු කරලා, උන්ව විශේෂ Grid ලයින් ඇඳපු කඩදාසි උඩ දුවවලා, High-speed cameras ආධාරයෙන් තමයි මේ වේගයන් මැනලා තියෙන්නේ. මුන් දුවන වේගය කොච්චරද කියනවා නම්, සමහර වෙලාවට ලැබ් එකේ කූඩු වලින් පැනලා දිව්වම විද්‍යාඥයන්ට මුන්ව අල්ලගන්නත් සෑහෙන ගේමක් දෙන්න වුණාලු.
ඉතින් මීට පස්සේ වත්තේ හරි ගේ ඇතුළේ හරි ඉන්න Huntsman මකුළුවෙක් දිහා බලද්දී, ඔබ බලන්නේ නිකන්ම මකුළුවෙක් දිහා නෙවෙයි… ලෝකයේ ඉන්න Fastම මකුළු මලල ක්‍රීඩකයා දිහායි!
Image credit: www.reddit.com