මංකොල්ල කෑමකට, සොරකමකට හෝ වෙනත් ප්‍රචණ්ඩකාරී අපරාධයකට මුහුණ දෙන එක ඇත්තටම හිතාගන්න බැරි තරම් මානසිකව කඩා වැටෙන traumatic අත්දැකීමක්. හැබැයි ඔයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ නම්, මේ වගේ අපරාධවලින් පීඩාවට පත්වෙන අයට පිහිට වෙන්න රජයෙන් සහන ක්‍රමවේද රැසක් සකස් කරලා තියෙනවා.
South Australia හි Victims’ Rights Commissioner වන Sarah Quick පවසන විදිහට, මේ වගේ වෙලාවක හරි සහයෝගය ලැබෙන එක ඉතාම වැදගත්. ඒ වගේම ඒ උදව් ලබාගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එකෙන්, පීඩාවට පත්වුණු අයගේ දිගුකාලීන මානසික පීඩනය සහ දුක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්.
ඔයා දැනගත යුතු ප්‍රධාන සහන ක්‍රමවේද කිහිපයක් මෙන්න:
- නොමිලේ ලැබෙන මානසික උපදේශනය (Free Counselling)
ප්‍රචණ්ඩකාරී අපරාධයකට මුහුණ දීලා මානසිකව බිඳ වැටිලා ඉන්න අයට නොමිලේ උපදේශන සේවාවන් (Counselling) ලබාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩකාරී අපරාධවලට ගොදුරු වූ අයට නොමිලේ උපදේශන සේවාවන් ලබාගැනීමේ අවස්ථාව තියෙනවා. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මේක ලැබෙන විදිහ පොඩ්ඩක් වෙනස් වුණත්, බොහෝ වෙලාවට නොමිලේ උපදේශනය හෝ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් සපයනවා.
- මූල්‍ය ආධාර සහ වන්දි ක්‍රමවේද (Financial Assistance)
මංකොල්ලකෑමක් වැනි දෙයකින් කෙනෙකුගේ ආදායම් මාර්ගයක් අහිමි වෙන්නත් පුළුවන් උදාහරණයක් විදිහට තුවාල ලැබීම නිසා රැකියාවට යාමට නොහැකි වීම වගේ. මේ වගේ අවස්ථාවලදී හැම state එකකටම සහ territory එකකටම ආවේණික වුණු මූල්‍ය ආධාර හෝ වන්දි ලබාදීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේවායේ කොන්දේසි සහ වන්දි මුදල් ප්‍රමාණයන් ඔයා ඉන්න ප්‍රාන්තය අනුව වෙනස් වෙන්න පුළුවන්.
- නැතිවුණු බඩු වලට වන්දි ලැබෙන්නේ නැද්ද?
මෙන්න මේක තමයි හැමෝම දැනගන්න ඕන වැදගත්ම දේ. බොහෝ ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවල සොරකම් කරන ලද හෝ හානි වූ දේපළ වෙනුවෙන් රජයෙන් වන්දි ගෙවන්නේ නැහැ.
මංකොල්ලකෑමකදී නැතිවුණු බඩු බාහිරාදිය වෙනුවෙන් වන්දි ඉල්ලන්න බැහැ. රජයෙන් දෙන වන්දි සාමාන්‍යයෙන් වෙන් වෙලා තියෙන්නේ ප්‍රචණ්ඩකාරී අපරාධයක් නිසා කෙනෙකුට සිද්ධ වුණු ශාරීරික හෝ මානසික හානිය වෙනුවෙන් විතරයි. සාරා ක්වික් වැඩිදුරටත් පවසනවා. ඒ නිසා වටිනා බඩු බාහිරාදිය සඳහා වෙනම පෞද්ගලික රක්ෂණයක් (Insurance) තිබීම ඉතාම වැදගත්.
ඔයා හෝ ඔයා දන්න කෙනෙක් ඔස්ට්‍රේලියාවේදී මෙවැනි අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නොත්, තනිවම ලතවෙන්නේ නැතුව ඒ ඒ ප්‍රාන්තවල තියෙන Victim Support Service ආයතන සම්බන්ධ කරගෙන මේ නොමිලේ ලැබෙන සේවාවන් ලබාගන්න පියවර ගන්න.