ඕස්ට්‍රේලියාවේ Drive කරද්දී Phone ඇල්ලුවොත් Insurance එකත් කුඩු! වැඩ වරදින්න කලින් දැන්ම කියවන්න!

අද කාලේ Phone එකක් නැතුව අපිට මොහොතක්වත් ඉන්න බැහැ තමයි. හැබැයි ඉතින් වාහනයක් drive කරන ගමන් phone එක අතට ගත්තොත් නම් වැඩ වරදින්න ලොකු ඉඩක් තියෙනවා. මොකද, Australia වල driving කරන ගමන් illegal විදියට phone පාවිච්චි කරන අයට ලැබෙන දඩුවම් සෙල්ලම් නැහැ.

අඩුම දඩය $410ක් වෙනවා වගේම demerit points 3ක් කැපෙනවා. හැබැයි මේක ඔයා ඉන්න ප්‍රාන්තය අනුව මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. 

උදාහරණයක් විදියට QLD වල දඩය $1,251ක් තරම් ඉහළ යනවා! ඒ වගේම public holidays වලදී මේ කැපෙන demerit points double වෙන්නත් පුළුවන්. 

දැන් හැම තැනම වගේ AI තාක්ෂණයෙන් වැඩ කරන Mobile Phone Detection Cameras හයි කරලා තියෙන්නේ. ඒ නිසා හොරෙන් හරි කමක් නැහැ කියලා phone එක අතට ගන්න හදන්නවත් එපා. කැමරාවට අහුවෙනවා ෂුවර්!

 

මේ වැරදි Car Insurance එකට බලපාන්නේ කොහොමද?

මෙන්න මේක තමයි හැමෝටම අමතක වෙන වැදගත්ම දේ. ඔයා දිගින් දිගටම වැරදි කරලා demerit points සීමාව පන්න ගත්තොත් ඔයාගේ driving license එක suspend වෙන්න පුළුවන්. මේ හැම record එකක්ම ඔයාගේ driving record එකේ සටහන් වෙනවා. ඉතින් record එක clean නැති වුණාම Insurance සමාගම් ඔයාව සලකන්නේ “High risk” driver කෙනෙක් විදියට. 

ඒකෙන් ඔයාගේ Car Insurance එකේ Premium එක සෑහෙන්න වැඩි වෙන්න පුළුවන්. සමහර විට ඊළඟ පාර policy එක renew කරන්න Insurance company එක අකමැති වෙන්නත් පුළුවන්. 

ඔයාගේ driving history එකේ වෙනස් වීම් ගැන අනිවාර්යයෙන්ම insurerට දන්වන්න ඕනේ. 

ඔයාගේ driving record එකට එකතු වෙන අලුත් වැරදි ගැන ඇත්තම විස්තර insurerට කියන්න. ඔයාගේ licence එක suspend වෙලා හෝ restricted තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම දන්වන්න.

මෑතකදී වුණු අනතුරු, claims හෝ වෙනත් රථවාහන වැරදි තියෙනවා නම් ඒවත් කියන්න. විශේෂයෙන්ම මතක තබා ගන්න, Policy එක renew කරන හැම වෙලාවකම ඔයා දෙන තොරතුරු 100%ක්ම නිවැරදි සහ සත්‍ය ඒවා වෙන්න ඕනේ. වැරදි තොරතුරු දුන්නොත් හෝ ඇත්ත සැඟෙව්වොත්, accident එකක් වුණ වෙලාවක claim එකක් නොගෙවා ඉන්න හෝ ඔයාගේ policy එක cancel කරන්න වුණත් රීති අනුව Insurance සමාගමට අයිතියක් තියෙන්න පුළුවන්. ඉතින්, පාරට බැස්සම phone එක පැත්තකින් තියලා පරිස්සමෙන් drive කරන්න. ඒක ඔයාගේ ජීවිතයට වගේම සාක්කුවටත් සෑහෙන්න හොඳයි!

 

Don't forget to share this post!

Recent Posts