ගුවන් මගින් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් විදෙස් රටවල් වෙත යන සහ විදේශයන් වල සිට පැමිණෙන පිරිස් වෙත ශ්‍රී ලංකා රේගුවෙන් ඉතාමත් වැදගත් සහ විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, වෙනත් පුද්ගලයන්ට අයත් පාර්සල් හෝ බෑග් සහ ලියකියවිලි කිසිම විටෙක රටින් තවත් රටකට රැගෙන යාමට/ප්‍රවාහනයට බාර නොගන්නා ලෙසයි.
මෑතකදී වාර්තා වූ සිදුවීම් කිහිපයක් පදනම් කරගනිමින් රේගුව මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ, ජාවාරම්කරුවන් නොදැනුවත්වම මගීන්ව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරම් සඳහා යොදා ගැනීමේ දැඩි අවදානමක් පවතින නිසයි.
අපරාධකරුවන්ගේ උගුලකට හසුවීමේ දැඩි අවදානමක්!
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පෙන්වා දුන්නේ, සාමාන්‍ය මිනිසුන් තමන් රැගෙන යන්නේ කුමක්දැයි කිසිදු අවබෝධයක් නොමැතිව බරපතළ අපරාධවලට හසුවීමේ බරපතළ අවදානමක් පවතින බවයි.
සමහර අවස්ථාවලදී ජාවාරම්කරුවන් විසින් තමන්ගේම ඉතා ආසන්න නෑදෑයන් සහ මිතුරන්වද කිසිදු දැනුවත් කිරීමකින් තොරව මෙම ජාවාරම් සඳහා යොදා ගන්නා බව ඔහු පෙන්වා දුන්නා. මෑතකදී අවුරුදු 19 ක තරුණයකුගේ නමින් මත්ද්‍රව්‍ය තොගයක් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ සිදුවීමක් වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මගියාටත් නොදැනෙන්න මත්ද්‍රව්‍ය සඟවන හැටි
බෑගය තමන්ම පරීක්ෂා කර බැලුවත්, පහසුවෙන් සොයාගත නොහැකි වන පරිදි ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය සැඟවීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම, කිසියම් අයෙක් නොමිලේ ගුවන් ටිකට් පතක් ලබාදී විදෙස්ගත වීමට ආරාධනා කරයි නම්, ඒ පිටුපස ඇති සැබෑ අරමුණ කුමක්දැයි දැඩි ලෙස සිතා බලන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රේගුවෙන් දැඩි අවවාදයක්!
ලෝකයේ බොහෝ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා මරණ දණ්ඩනය ඇතුළු ඉතා දැඩි දඬුවම් ලබා දෙන බැවින්, කිසිම හේතුවක් නිසා තමන්ට අයත් නොවන භාණ්ඩ හෝ පාර්සල් ප්‍රවාහනය