Australian Citizenship එක Reject නොවී එකපාරින්ම ගන්න අවශ්‍ය Documents list එක!

ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය (Citizenship) සඳහා අයදුම් කිරීමට සූදානම් වෙනවා නම්, ඔබේ අයදුම්පත අනුමත කරගැනීමට නිවැරදි සහ ප්‍රමාණවත් ලියකියවිලි ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඔබ විසින් සැපයිය යුතු ප්‍රධාන ලියකියවිලි කිහිපයක් සහ ඊට අදාළ උපදෙස් අපි අද article එකෙන් කතා කරමු.

පුරවැසිභාවය ලබාගැනීමට අවශ්‍ය මූලික requirements සපුරන බව සනාථ කරන්න අවශ්‍ය evidence ලබාදිය යුතුයි. 

  • Original Police Certificates
  • Online අයදුම්පත් සඳහා ඔබේ original documents වල පැහැදිලි Scan පිටපත් අවශ්‍ය වෙනවා. 
  • Paper application එක්ක ඉදිරිපත් කරනවා නම් සියලුම documents වල Certified copies ලබාදී තිබිය යුතුයි.  
  • Application එක පිළිබඳ තීරණයක් ගැනීමට පහසු වන පරිදි පුළුවන් තරම් වැඩි විස්තර සහ සාක්ෂි එකතු කරන්න.
  • එක් document එකක් කරුණු කිහිපයක් සනාථ කිරීමට භාවිත කළ හැකි වුණත්, එය එක වරක් පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්.
  • ඉල්ලා සිටින සියලුම documents අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදීම ලබාදීමට වගබලා ගන්න.

Identity Documents

ඔබගේ උපතේ සිට මේ දක්වා අනන්‍යතාවය තහවුරු කිරීමට සාක්ෂි සැපයිය යුතුයි. 

මෙහිදී පහත සඳහන් කරුණු තහවුරු වන ලියකියවිලි 3ක් ඉදිරිපත් කළ යුතු වෙනවා. 

  • Birth name, Date of birth, Gender  
  • Photograph 
  • Signature  
  • Current residential address

යම් හෙයකින් ඔබේ අනන්‍යතාවය පිළිබඳව බලධාරීන් සෑහීමකට පත්වුණේ නැත්නම්, ඔයාගේ citizenship application එක ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙනවා.

උපන් දිනය, ස්ත්‍රී/පුරුෂ භාවය සහ නම් වෙනස්වීම් පිළිබඳ සාක්ෂි ලෙස සැපයිය යුතු documents

උපන් දිනය හෝ නම වෙනස්වීම සඳහා:

  • දෙමාපියන්ගේ නම් සඳහන් වන සම්පූර්ණ උප්පැන්න සහතිකය (Full Birth Certificate).  

උප්පැන්න සහතිකය නොමැති නම්:

  • Family/Household Registration document  
  • ඕස්ට්‍රේලියාවට පැමිණීමට පෙර නිකුත් කරන ලද, උපතේ සිට ඔබේ අනන්‍යතාවය තහවුරු කරන වෙනත් නිල ලේඛන එකතුවක්.

ස්ත්‍රී/පුරුෂ භාවය (Sex/Gender) වෙනස් වී ඇත්නම්:

  • ලියාපදිංචි වෛද්‍යවරයකුගේ (Registered Medical Practitioner) හෝ මානසික වෛද්‍යවරයකුගේ (Registered Psychologist) සහතිකයක්
  • Sex සහ/හෝ gender එක සඳහන් වන Passport එකක් වැනි නිල Australian Government travel document එකක්
  • Sex and/or gender එක වෙනස් වීම ගැන සඳහන් වන RBDM (Registry of Births, Deaths and Marriages) මගින් නිකුත් කළ Gender Recognition Certificate එකක් හෝ සංශෝධිත උප්පැන්න සහතිකයක්.

නම වෙනස් වී ඇත්නම්

නම වෙනස් වී ඇත්නම් පහත ඒවා අතරින් එකක් ඉදිරිපත් කළ යුතුයි.

  • නිල විවාහ සහතිකය (Marriage certificate) හෝ දික්කසාද සහතිකය (Divorce certificate).
  • ඕස්ට්‍රේලියානු RBDM හෝ අදාළ විදේශීය ආයතනයෙන් ලබාගත් Name Change ලේඛන.
  • භාවිත කළ වෙනත් නම් අතර සම්බන්ධතාවය පෙන්වන නිල ලියකියවිලි.

ඡායාරූපය සහ අත්සන තහවුරු කරන ලේඛන 

පහත දක්වා ඇති ඕනෑම නිල ලේඛනයක් මේ සඳහා ඉදිරිපත් කළ හැකිය:

  • ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය (Australian Driver Licence)  
  • වලංගු විදේශ ගමන් බලපත්‍රයක පිටු (photo, personal details, passport issue සහ expiry dates) 
  • ජාතික හැඳුනුම්පත (National Identity Card)  
  • United Nations High Commission for Refugees (UNHCR) document
  • Document for Travel to Australia (DFTTA)  
  • aircrew identity document
  • seafarer identity document
  • military identity document
  • ඕස්ට්‍රේලියාවේ Proof of Age Card එක.  

පදිංචි ලිපිනය සනාථ කරන ලේඛන 

ඔබ දැනට පදිංචිව සිටින ලිපිනය තහවුරු කිරීම සඳහා පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ හැකියි;

  • විදුලි, ගෑස් හෝ ජල බිල්පතක් (Utility Bill)
  • ප්‍රාදේශීය සභා හෝ නගර සභා බදු රිසිට්පතක් (Rates Notice)  
  • කුලී ගිවිසුම (Rental Contract)  
  • බැංකු ගිණුම් වාර්තාවක් (Bank Statement)  

Don't forget to share this post!

Recent Posts