ඔයාගේ වාහනය සොරකමට ලක් වෙන්න තිබෙන අවදානම ගැන වගේම සොරකම් කිරීමෙන් වළක්වා ගන්න ගත යුතු ආරක්‍ෂිත පියවර ගැනත් අපි කලින් articles ගණනාවකින්ම කතා කළා. ඉතින් ඔයාගේ car එක සොරුන්ගෙන් පරිස්සම් කරගන්න විදිහ ඔයා දැන් දන්නවා. හැබැයි බැරි වෙලාවත් ඔයාගේ වාහනය සොරකම් කළොත්?
සොරකමක් කියන දේ 100%ක්ම වලක්වා ගන්න එක පහසු දෙයක් නෙවෙයි. ඒ නිසාම තමන්ගේ වාහනය සොරකම් කළොත් කළ යුතු දේවල් ගැන දැනගෙන ඉන්න එකත් ඉතාම ප්‍රයෝජනවත්. මොකද ඒ වගේ අවස්තාවක දී වැදගත්ම දේ වෙන්නේ නැති වූ වාහනය නැවත සොයාගැනීම වෙන නිසා.
ඉතින් අද අපි කතා කරන්නේ ඒ ගැන.
ඔයාගේ car එක සොරකම් කර ඇති බව ඔයා සිතනවා නම් ගත යුතු පියවර මොනවාද?
මේකෙදි ක්ෂණිකව වුනත් පළමුව කරන්න අවශ්‍ය දෙයක් තමයි car එක ඔයා එය නැවැත්වූ ස්ථානයේ නොතිබීමට ඇති වෙනත් හේතු සලකා බලන එක. උදාහරණයක් විදිහට, එය parking restrictions ඇති ප්‍රදේශයක නවතා තිබුණා නම්, එය ඇදගෙන ගොස් තිබිය හැකිද? public area එකක තිබුණා නම්, ප්‍රාදේශීය පොලිස් ස්ථානය හෝ transport management centre එක අමතන්න පුළුවන්. අදාළ බලධාරීන් සමඟ පරීක්ෂා කිරීමෙන් පසුවත් ඔයාට වාහනය සොයාගත නොහැකි නම්, අනුගමනය කළ යුතු පියවර මොනවද කියන එක දැන් අපි බලමු.
1 . කිසිවක් ස්පර්ශ කිරීමෙන් හෝ චලනය කිරීමෙන් වළකින්න
වාහනය සොරකම් කරන විට වරදකරු එම ස්ථානයේ ඇති දේවල් ස්පර්ශ කර හෝ භාවිතා කර තිබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට garage එකේ දොර හැන්ඩ්ල්, ළඟ තිබෙන ජනේල වගේ දේවල්.
2 . පොලිසියට වාර්තා කරන්න
සමහර states සහ territories වල reporting tools ඇති අතර එමඟින් online police report එකක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසනවා. ඔයාට 131 444 අංකයෙන් Policelink එක හෙවත් Police Assistance Line එක අමතන්නත් පුළුවන්. මේ වගේ වාර්තාවක් ඉදිරිපත් කරන විට, සාමාන්‍යයෙන් අසන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. මේ ප්‍රශ්න වලට ඔයා ලබා දෙන පිළිතුරු සොරකම් කරන ලද car එක පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට පොලිසියට සහාය වෙනවා. මේකෙදී සාමාන්‍යයෙන් අසන ප්‍රශ්න වෙන්නේ;
- ඔබේ සම්පූර්ණ නම, උපන් දිනය, ලිපිනය වැනි ඔබේ විස්තර
- එය සිදු වූ ස්ථානය
- වින්දිතයාගේ විස්තර
- සම්බන්ධ වූ වාහනයේ/වාහනවල විස්තර
- සොරකම් කරන ලද හෝ හානි වූ ඕනෑම දේපලක විස්තර
3 . CCTV දර්ශන පරීක්ෂා කරන්න
මෙයට ඔයාගේ නිවසේ කැමරා, අසල්වැසියන්ගේ හෝ අසල ඇති ව්‍යාපාරික ස්ථාන වල කැමරා (අදාළ නම්) ඇතුළත් විය හැකියි. ඒ මගින් පොලිසියට භාවිතා කළ හැකි ප්‍රයෝජනවත් දෙයක් සොයාගත හැකි වෙන්න පුළුවන්. විකල්පයක් විදිහට, ඔබේ වාහනය පොදු ප්‍රදේශයක (council car park එකක් වැනි) නවතා තිබුණා නම්, ඔයාට මෙම footage ඉල්ලා ගැනීමට council එක සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. ඔයා ලබාදෙන police report එකට videos සහ images online upload කරන්න පුළුවන්.
4 . ඔයාගේ insurance provider සම්බන්ධ කරගන්න
හැකි ඉක්මනින් ඔයාගේ insurance providerට සොරකම වාර්තා කිරීම ද වැදගත්. (ඔයාගේ වාහනය ‘Third Party Fire and Theft’ හෝ Comprehensive policy එකක් යටතේ රක්ෂණය කර ඇත්නම්). මෙය ඔයාට සහ රක්ෂණකරුට claims process එක ආරම්භ කිරීමට ඉඩ සලසා දෙනවා.