ඕස්ට්රේලියාවේ Reserve Bank (RBA) එක දිගටම Interest rates වැඩි කරන නිසා අලුතින් Property එකක් ගන්න බලාපොරොත්තු වෙන අයට මේ කාලය ගොඩක් අභියෝගාත්මක වෙලා තියෙනවා.
සාමාන්යයෙන් Spring season එක කියන්නේ Property market එක ගොඩක් busy වෙන කාලයක් වුණත්, මේ අවුරුද්දේ ඒක ටිකක් slow වෙලා. ගිය අවුරුද්දේ 70% ක්ව තිබුණු Auction clearance rates මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙද්දී 50% කට විතර බැහැලා තියෙනවා. ඉතින් inflation එකත් එක්ක තවත් rate rise එකක් එයිද කියන බයෙන් තමයි ගොඩක් buyers ලා ඉන්නේ.
මෙම අමාරු කාලේ Property market එකට enter වෙන්න National Australia Bank (NAB) හි Home Lending Executive වන Denton Pugh, අපූරු සහ unconventional ක්රම 2ක් යෝජනා කරනවා.
ක්රම 2:
1. Sibling කෙනෙක් හෝ යාළුවෙක් එක්ක එකතු වෙලා ගෙයක් ගැනීම (Co-buying)
සාමාන්යයෙන් අපි හිතන්නේ Property එකක් ගන්නේ තමන්ගේ partner එක්ක කියලා වුණත්, ඒකම විතරක් නෙවෙයි option එක. තමන්ගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් (sibling) එහෙමත් නැත්නම් හොඳ යාළුවෙක් එක්ක එකතු වෙලා property එකක් ගන්න එක දැන් ගොඩක් ජනප්රියයි.

.
මෙතැනදී මතක තියාගන්න ඕන දේවල් තියෙනවා.එනම් අනාගතයේදී කෙනෙක්ට තමන්ගේ කොටස විකුණන්න ඕන වුණොත් මොකද කරන්නේ?
මූල්යමය තත්ත්වයන් වෙනස් වුණොත් මොකද කරන්නේ?
වගේ දේවල් ගැන කලින්ම කතා කරගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම Independent legal සහ financial advice ගන්න එකත් ගොඩක් හොඳයි.
2. කැමති තැනක Rent එකට ඉඳලා පුළුවන් තැනකින් ගෙයක් ගැනීම (Rentvesting)
ඔයා දැන් ඉන්න area එකට, ඒ කියන්නේ ඔයාගේ වැඩ කරන තැනට සහ යාළුවන්ට ළඟ area එකට ඔයා ගොඩක් කැමති වෙන්න පුළුවන්. හැබැයි ඒ area එකේ property එකක් ගන්න ඔයාගේ budget එක මදි වෙන්න පුළුවන්.
මෙන්න මේ වෙලාවට Rentvesting කියන concept එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඉන්න කැමති area එකේ දිගටම rent එකට ඉන්න ගමන්, ඔයාගේ budget එකට හරියන වෙනත් area එකකින් property එකක් අරන් ඒක rent එකට දෙන (investment) එකයි.
NAB දත්ත වලට අනුව, ගොඩක් first-home buyers ලා දැන් Victoria හි Craigieburn, NSW හි Liverpool සහ Queensland හි Toowoomba වගේ affordable areas වල properties ගන්නවා.

ඒ වගේම ලබන අවුරුද්දේ ජූලි මාසයේ ඉඳන් negative gearing වල වෙනස්කම් (new builds වලට පමණක් සීමා වීම) නිසා අලුතින් හදන ගෙවල් (New builds) ගැන මේ Rentvestors ලා ගොඩක් අවධානය යොමු කරනවා.
මේ decisions හැමදාටම permanent නැහැ. අද ඔයා investment එකක් විදිහට ගන්න property එක අනාගතයේදී ඔයාගේම ගෙදර වෙන්න පුළුවන්. ඒ වගේම අද ගන්න ගෙදර, පස්සේ කාලෙක investment එකක් වෙන්නත් පුළුවන්.
මේවා අලුත් ideas නොවුණත්, මේ වගේ අමාරු Market එකකදී තමන්ගේ හීනය අතහරින්නේ නැතුව තමන්ගේ budget එකට ගැලපෙන විදිහට මේ වගේ out-of-the-box දේවල් try කරලා බලන එක වටිනවා.
(Source: https://www.realestate.com.au/news/top-banker-reveals-2-radical-ways-to-beat-rbas-rate-squeeze/)